යුනිලීවර් ශ්‍රී ලංකා සිය සමාගමෙන් අලෙවි කරනු ලබන භාණ්ඩයන්ගේ ඇසුරුම්වල අඩංගු ප්ලාස්ටික් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත එකතු කර ගැනීමට කැපවී සිටියි. මෙම වැඩසටහන්වල දිගුවක් ලෙස,මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගංඟාවේ සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සවිබල ගන්වමින් යුනිලිවර් සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීම පසුගියදා සිදුවිය.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරි අලි තාරික් මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
” මෙම හවුල්කාරීත්වය තුළින් ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා වූ නිෂ්පාදකයාගේ වගකීම් ඉටුකිරීම පිළිබඳ ජාතික අරමුණට අපගේ දායකත්වය පෙන්නුම් කරනවා. පිරිසුදු කැලණි ගඟක් තුළින් සුරක්ෂිත පානීය ජලය පමණක් නොව ධීවර හා සංචාරක ව්‍යාපාර සඳහා වඩා යහපත් පසුබිමක් ද සමාජය තුළ තිරසාර ජිවන රටාවක් බිහිවීමට ද උපකාරී වෙනවා…”