– ප්‍රධාන දොරටුව පිහිටි දිශාව අනුව නිවසට සුදුසු වර්ණ
– තිර රෙදි යෙදීමේදී දිශා අනුව භාවිත කළ යුතු වර්ණ
– නිවස ඇතුළත වර්ණ ගැන්වීමේදී වාස්තු විද්‍යානුකූලව සුබ වර්ණ ගැනත් දැන ගන්න
නිවාස වර්ණ ගැන්වීමට මුල් තැනක් දෙනු ලැබේ. විශේෂයෙන්ම වර්ණාලේපයේදී එය වාස්තු විද්‍යාත්මක සිද්ධාන්තයන්ට එකඟව කිරීමෙන් විශ්ව ශක්තිය නිවස තුළට ලැබේ. තවද ඒ ඒ දිශාවන්ට බලපාන විවිධ වර්ණ රටා තිබේ. ඒ ගැනද ඔබ උනන්දු වීම වඩාත් වැදගත් වන්නේය.
උතුරු දිශාව යනු ආපෝ ධාතු ජලය කාරකවේ. සෑම විටම සුදු පැහැය වඩාත් සුදුසුයි. නිල් සහ දම් පැහැය යෙදීමද සුබයි.
උතුරු දිශාවේ ප්‍රධාන දොරටුව පිහිටා ඇත්නම් ලානිල් සහ ළා දම් පැහැයද යහපත් වන අතර රතු පැහැය ඉතාම අසුබයි. රතු පැහැය ආලේප කිරීමෙන් උතුරු දිශාවේ විශ්ව ශක්තියට බාධා ඇතිවේ.
ප්‍රධාන දොරටුව දකුණු පැත්තේ පිහිටා ඇත්නම් ළා රතු පැහැය වඩාත් සුදුසු වන්නේය. තේජෝ ධාතුව නිසා රත් පැහැයා විශ්ව ශක්තිය ආරෝපණය වේ. සුදු පැහැය නිවස පුරාම යෙදිය හැකි විශ්ව ශක්තිය ගෙනදෙන පාටකි.
නැඟෙනහිර දිශාව – බලවත් කිරීම සඳහා හරිත වර්ණය කොළ පැහැය වඩාත් උචිත වේ. ඇස ආරක්ෂාවටත් පෝෂණ පදාර්ථයන් බෙහෙවින්ම කොළ පාට තුළ ගැබ්වී ඇත්තේය. රත් පැහැය යහපත් නොවේ.
බස්නාහිර දිශාව – ප්‍රධාන දොරටුව
ඔබේ නිවසේ පිහිටා ඇත්නම් ගැළපෙන වර්ණය වන්නේ ළා කහ, ළා ගුරු හෝ ඇත්දළ පාට හෝ අළු පැහැය වන්නේය. නිල් පැහැය සුදුසු නැත.
නිවස ඇතුළ වර්ණ ආලේප කිරීමේදී ඇසට ප්‍රිය වන අන්දමට වාස්තු විද්‍යානුකූලවද කළ යුතුවේ. වර්ණ විද්‍යාවේදී ඌෂ්ණ හා ශීත වර්ණ ලෙස කොටස් දෙකකට බෙදේ.
මෙයින් ‘අධිකතර උණුසුම් වර්ණ’ නිවස තුළ යෙදීමෙන් එසේ වාස්තුවට හානිකර වේ. ඇස්වලටද පීඩාකාරී වීම නිසා මානසික සතුට ප්‍රීතිය සොම්නස නැතිවේ. සමහර විට තද උණුසුම් වර්ණාලේප කර ඇති නිවාස තුළ ගැටුම් මානසික පීඩා වහා උද්ගත වේ.
අසහනය වැඩිවන බැව් වර්ණ විද්‍යාවේ සඳහන්ව තිබේ. සමහර විට එක කාමරයකට බිත්ති හතරේ වර්ණ හතරක් යොදා තිබෙනු ඇත. මෙය ඉතාම අයහපත් වේ.
දරුවන්ගේ නිදන කාමර ඉතාම සැහැල්ලු ලෙස ළා පැහැය වර්ණාලේප කිරීම වඩාත් සුදුසුයි.
ළමා කාමරය තුළ ළානිල් පැහැය ඉතාම සුදුසුයි. නැෙඟනහිර, බටහිර කාමර තුළ හරිත ළා දලු කොළ පැහැයද ඉතාම සුදුසුයි. ළමා කාමරය තුළ රතු පැහැය ඉතාම අසුබයි. දරුවාගේ මනසට පීඩාකාරීවේ. දරුවා හිතුවක්කාරී වන්නේය. අසංවරවේ. ඒ ගැන වඩාත් උචිත වන්නේ ලා නිල් පැහැයයි.
ප්‍රධාන නිදන කාමරය නිරත නම් ළා කහ ළා නිල් ළා කොළ ක්‍රීම් පැහැය යහපත්ය.
තිර රෙදි යෙදීමේදී උතුරු සහ නැෙඟනහිර ජනේලවලට නිල් මිශ්‍ර වර්ණ ගැළපේ.
දකුණට බටහිරට නම් තිර රෙදි ළා රන් හා රන්වන් පැහැය යහපත්ය. තවද ගෘශ භාණ්ඩ යෙදීමේදී මල් සහ ලියකම් සහිත ගුරු පැහැය ගැන් වූ දෑ සුබයි. සත්ව රූප වලදී මොනර, සමනල්, කුරුළු වර්ග යොදා තිබීම යහපත්ය.
සත්ව රූප, ආයුධ වර්ග රූප, සත්ව අං තට්ටු, මැරී ගිය ගස් හා වැල්, සේසත් මුර ආයුධ, විකෘති චිත්‍ර, කාන්තාර රූප නිවස ඇතුළතට ඉතාම අයහපත් වේ.
ධනාත්මක කලාත්මක චිත්‍ර යහපත් වේ. තවද විශ්ව ශක්තිය නිවස තුළට කාන්දු වී නැවත පිටතට සේන්දු වීමේදී මිදුලේ නිරිත දිසාවේ බෙලි ගසක් තිබීම සුබයි.
උතුරු නැෙඟනහිර ප්‍රධාන මංගල දොරටුව ඇත්නම් වම් පැත්තේ ජල බඳුනකට සමන්පිච්ච මල් දමා තබන්න. සවස්තික ලකුණ බිත්තියේ එල්ලා තබන්න. ඇත් රූප මූර්ති කැටයම් යෝග්‍ය නොවේ. ගෙයි බ්‍රහ්ම පාදයේ කොහොඹ ලීයෙන් සෑදු කනප්පුවක් තබා බුලත් හෙප්පුව තැබීම ඉතාම සුබයි. සුදු හඳුන් ලී කෑල්ලක්, සේපාලිකා මුල් කෑල්ලක් තැබීම ඉතාම සුබයි.
ජ්‍යොතිෂය හා වාස්තු විද්‍යාවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල