– බුද්ධ යන්ත්‍ර අතර ඉතාමත් බල සම්පන්න යන්ත්‍ර රාජයෙක්
– නියමිත පිළිවෙත් ගරුකව සකස්කර ගැනීමෙන් සෙෞභාග්‍යය උදා වේ
– සීවලී දැහැනෙන් 108 වර ජපකර ගන්න
සමස්ත බෞද්ධ ලෝකයාටම ඉතාමත් උතුම් වෙසක් පුන් පොහෝ දිනය යෙදෙන මෙම වෙසක් මහේ සිළුමිණ පාඨක පින්වත් ඔබ වෙත අප අද දහම් පඬුරක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ යන්ත්‍ර අතර ඉතාමත් බලසම්පන්න සර්වතෝභද්‍ර සීවලී යන්ත්‍ර රාජයායි.
ව්‍යාපාරික අරමුණු සහිතව බොහෝ විට සීවලී යන්ත්‍රය නමින් සකස් කරන සීවලී යන්ත්‍රවලින් කිසිම යහපතක් සිදු නොවන්නේ කිසිම යන්ත්‍ර විද්‍යාවකට අයත් නොවන ලෙස සකස් කිරීම නිසාය. මෙම උතුම් සර්වතෝ භද්‍ර සීවලී යන්ත්‍ර රාජයා නියමිත පිළිවෙත් ගරුකව සිදු කර ගැනීමෙන් අපමණ සෞභාග්‍යයක් උදා කරගත හැකිය.
සීවලී දැහැන
1. නමො සිද්ධ සීවලී රාජා පඨවියා සබ්බතො
මෙව ආකාසෙ උදකෙන නෙවිසංසං හස්සං
තම්පිසාරෙමි සම්බ ලාභා උපෙන්තු
2. නමාමහං මහාලාභං සීවලී නාම අරහන්තං තස්ස තෙජෙන සබ්බ ලාභා උපෙන්තු මෙ
3. නමො ථෙරස්ස යතො හොති යස්ස යන්නා පියායාති යස්සයන්ති නමෝ නමඃ
4. නමො ථෙරස්සන්තියො නමතිං මෙසුතං එතං ගබ්භනෙති සීවලී තෙජානං එවං සීවලී නමඃ න විස්සන්ති නමඃ
5. නමො තෙජං ලොකෙක සෙට්ඨං නරාසභං
එතං තෙජෙන සෙට්ඨං
නරාහතිං තෙජ නමඃ
6. නමො සොභිස දිස්සන්ති තෙජි පියදස්සති නමඃ
7. නමො ජාති ජලාගාර විසදන ආකාස අහත්තිං ච ඊවදාහන්තී යස්ස ථෙරස්ස තෙ ජයතෙ නමඃ බුද්ධං සිං සං සිද්ධිං නමෝ මුනි මුනි ශ්‍රී මුනි මුනි ශ්‍රී මුනි මුනි ස්වාහා
lවාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම
රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)