– ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය පූර්ණ සුවයකට බාධා ගෙන දෙයි
හිටි හැටියේ අත් පා හිරි වැටීම, නින්දේදී අත පය දිග හැරීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක් විය හැකිය.
හිරිය රෝග ලක්‌ෂණයක් ලෙස දැනුණද මෙය සමේ දැනීම පිළිබඳ වෙනස්‌වීමක් හෝ දැනීම වැඩිවීමක් ලෙස හඳුනා ගැනේ.
මෙය බොහො විට දියවැඩියා රෝගින්ට හා තරබාරු පුද්ගලයන්ට ඇති වන රෝගි ලක්ෂණයකි. ස්නායුවල තිබෙන දුර්වලකම් මත ස්නායු තද වී හිරි වැටීම සිදු වේ.
දියවැඩියා රෝගියකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී එම ස්නායුවල අග දුර්වල වේ. මේ නිසා පළමුව මෙම ලක්ෂණ මතු වන්නේ පාදයේ පහළම කොටසෙනි.. පසුව අත්වලද ඒ අයුරින්ම ස්නායු දුර්වලවීම් ඇති වේ. ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය පුර්ණ සුවයකට බාධා ගෙන දෙයි.
මෙවැනි රෝග ලක්ෂණ තිබෙන අයට මෙම කසාය ඉතා ගුණය. නමුත් එයට පෙර විරේකයක් කළ යුතුය.
විරේකය
අරලු බුලු නෙල්ලි ඇහැල පොතු රස කිඳ හාතවාරිය අල මේ වර්ග සියල්ල එක ජාතියකින් කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳවා දෙකට බෙදා සහිඳ ලුණු දමා උදැසනට පානය කළ යුතුය. ඉතිරි අඩ සීනි යොදා සවසට පානය කළ යුතුය. දින තුනක් පමණ මෙම කසාය පානය කළ පසු විරේකය හොඳින් සිදු වි ශරීරය නිවේ.
දින විවේකයක් ගත් පසු පළමු කසාය
හස්වැන්ද, පොල්පලා, එල බටු මුල්, කටු වැල් බටු, හීන් බොකුටු, බෙලි මුල්, නිදි මුල්, තොටිල මුල්, ඇත් දෙමට මුල්, බැබිල මුල්, සුදු ලූණු මේ සියල්ල කලඳ බැඟින් එකතු කොට එයට වතුර පත අටක් දමා එක පතට සිඳුවා දෙකට බෙදා එක් අඩක් සිනි මි පැණි එක් කොට උදෑසන හිස් බඩ බිව යුතුය. ඉතිරි අඩ සීනි මී පැණි යොදා සවසට බිව යුතුය. මෙය දින හයක් පානය කළ යුතුය.
දිනක විවේකයක් ගත් පසු දෙවැනි කසාය
කිරිබදු අල, බිම්තල් අල, උඳු , වැල් මි අමුක්කරා, කලං දෙක බැගින් ගෙන පත අට එකට හින්දුවා උදේ හවස දින හයක් සීනි මී පැණි දමා බොන්න.
මේ කාලයේදී උදේ ඇල් වතුරෙන් ස්නානයද සුදුසුය. සවසට නෑම අඟුණය. සීත ජාති, මුං ඇට මැ කරල් වම්බටු වැනි කැම අගුණයි. මේ ආහාර වලින් ප්‍රවේසම් විය යුතුය.
හිරි වැටුණු ස්ථාන උණු වතුරෙන් තවා රාතියේ නින්දට කලින් මහා නාරායන තෛල්‍ය ආලේප කරන්න. මේ රෝගය නොසලකා සිටීමෙන් කල් යත්ම මේ හිරිය තව තවත් වැඩි වී එම අවයව සිහින් විමට පටන් ගනියි.