Home » අයිස්ලන්තය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ගොඩගිය හැටි

අයිස්ලන්තය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ගොඩගිය හැටි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

යිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපයේ වඩාත් උතුරු දෙසින් සහ බටහිර දෙසින් පිහිටි රට වන අතර ග්‍රීන්ලන්තයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම දූපත් රාජ්‍යයයි. ජනගහනය 320,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 එනම් වර්ග සැතපුම් 39,769 කි. අගනුවර රෙයික්ජවික්ය. මෙරට ගිනිකඳු හා භූ‍ගෝලීය වශයෙන් සජීවි ප්‍රදේශයකි. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ අනර්සන් මුල්ම පදිංචිකරුවා විය. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත.

2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ‍ලෙස හඳුන්වන්නේ ද අයිස්ලන්තයයි. එහෙත් එරට 2008-2011 මූල්‍ය අර්බුදයක් ඇති විය. ඒ නිසාවෙන් එරට ප්‍රධාන වාණිජ බැංකු බිඳ වැටිණි.‍ මෙහිදී එරට ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු සාධක සලකා බැලිය යුතුය. එරට 2000 වර්ෂයේදී විශාල ආර්ථික වර්ධනයක් පැවැතිණි. ඒ රටේ මූල්‍ය සහ බැංකු කටයුතු මත රැඳුණ ආර්ථිකය 2000 දශකයේ මුල් කාලයේදී ඉතා ශීඝ්‍ර ලෙස ප්‍රසාරණය විය. එම ප්‍රසාරණ වීමේ ක්‍රියාවලිය සිදු කිරීමට විශාල ලෙස විදෙස් ණය ආධාර ලබාගනු ලැබිණි. ඒ අනුව එරට බැංකු ක්ෂේත්‍රය විශාල ලෙස ප්‍රසාරණය විය. මේ ආකාරයට ආර්ථිකය වර්ධනයක් තිබුණ ද එරට 2008 වර්ෂයේදී ණය අර්බුදයකට මුහුණ දෙන ලදි. ඒ අවදියේදී ඇමෙරිකාවේ බැංකු පද්ධතිය පවා කඩා වැටීමටක ලක්විය. ඒ හරහා ඇතිවූ සංසිද්ධි මාලාවක් හේතු කොටගෙන අයිස්ලන්ත බැකුවලට විශාල ගැටලුවක් විය.

අයිස්ලන්ත බැංකු ඔවුන්ගේ ව්‍යාප්තිය සඳහා මූල්‍යමය වශයෙන් විදේශ ණය ගැනීම් මත රඳා පැවතුණි. 2008 දී ගෝලීය මූල්‍ය අර්බුදය උත්සන්න වීමත් සමඟ එම රටට ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට නොහැකි විය. විශාලතම බැංකු තුන සම්පූර්ණයෙන්ම කඩා වැටීම වැළැක්වීම සඳහා ඒවා රජයට පවරා ගන්නා ලදි. මෙමඟින් බැංකු ප්‍රතිව්‍යුහගත කිරීමට සහ අයිස්ලන්ත පුරවැසියන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමට රජයට අවස්ථාව ලැබිණි. එසේම විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි විය. ණය ප්‍රතිමූල්‍යකරණ කර ගැනීමට හැකියාවක් නැතිවීම නිසා බැංකුව සියල්ල කඩා වැටීමට ලක්විය. අයිස්ලන්තයේ රජය රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බැංකු කටයුතු පවත්වා ගෙන යාම සඳහා කඩා වැටුණු බැංකු සියල්ල රජයට පවරා ගන්නා ලදි. එසේම එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විදේශ වෙළඳ පොළවල විශාල වශයෙන් ආයෝජනය කිරීමෙන් බැංකු අධික අවදානමක් ගනු ලැබිණි. මේ මූල්‍ය අර්බුදය නිසා දළ දේශීය නිෂ්පාදිතය ශීඝ්‍ර ලෙස පහතට වැටුණි. ඒ අයගේ මුදල ක්‍රෝනා මුදල් අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව පහළට යන ලදි. විරැකියාව වැඩි විය. බැංකු බිඳ වැටීමත් 2008 මූල්‍ය අර්බුදය උත්සන්න වීමට හේතු විය. නෙදර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ තැන්පත්කරුවන් අයිස්ලන්ත බැංකුවලින් තම මුදල් ආපසු ගැනීම සිදු විය.

මෙමඟින් ද්‍රවශීලතා අර්බුදයක් ඇති වූ අතර, බැංකුවලට සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදු විය. ජාතික මුදල් ඒකකය වන ක්‍රෝනා අගය තියුණු ලෙස පහත වැටුණි. විදේශ මුදල් ගනුදෙනු සති ගණනාවකට අත්හිටවූ අතර අයිස්ලන්ත කොටස් වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය 90%කට වඩා පහත වැටුණි. අයිස්ලන්තය දැඩි ආර්ථික අවපාතයකට ලක් විය. එසේම එරට බැංකු රජය පවරා ගැනීම හරහා විශාල මූල්‍ය ප්‍රශ්නයකට රටට ම මුහුණ දීමට සිදු විය. එහෙත් ඒ රට අධ්‍යපනය, සෞඛ්‍ය, විශ්‍රාම වැටුප් වැනි සමාජ ආරක්ෂණ කටයුතු පවත්වා ගෙන යන ලදී. එරට රජය විසින් රටේ මුදල් වෙනත් රටවලට ගලා යෑම වැළැක්වීමට දැඩි ප්‍රාග්ධන පාලනයක් පැනවූ අතර රට තුළට සහ ඉන් පිටතට මුදල් සංචලනය සීමා කළේය. මෙමඟින් අයිස්ලන්ත ක්‍රෝනා තවදුරටත් කඩා වැටීම වැළැක්වූ අතර රටේ විදේශ විනිමය සංචිත ආරක්ෂා විය. රටේ ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින ජනතාව තවත් ණය වීම වැළැක්වීමට රජය පියවර ගනු ලැබීය. එසේ ම පීඩනයට ලක් වී ඇති පිරිසට රජය ණය සහන ලබා දෙන ලදී.

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අයිස්ලන්තය අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා කරන ලදී. ඒ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක ණය මුදලක් ලබා ගන්නා ලදී; අයිස්ලන්ත මුදල් ඒකකය වන ක්‍රෝනා කඩා වැටීම වැළැක්වීම සඳහා ප්‍රාග්ධන පාලනයන් පැනවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ නෝර්ඩික් රටවලින් ඩොලර් බිලියන 5.1ක ණයක් අයිස්ලන්තයට ලැබිණි. බැංකු ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නියාමනය ශක්තිමත් කිරීමට ද පියවර ගෙන ඇත. අයිස්ලන්තය ආර්ථිකය ජාත්‍යන්තර අරමුදලත් සමඟ සාකච්ඡා කොට සමාජ ආරක්ෂණය මුල් කරගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරන ලදී.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල ණය ලබාදීමේදී බදු වැඩි කිරීම් කොන්දේසි ලෙස පනවනු ලබයි. අයිස්ලන්තයේ අර්බුදයෙන් ගොඩ එන තෙක් පමණක් බදු වැඩි කරන ලදී. වාහන, නිවාස සහ භාණ්ඩ සඳහා අධිකාර බද්දක් අය කරන ලදි. එසේම රාජ්‍ය වියදම් කප්පාදු කරන ලදි. එසේ ම රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදුවක් ඇති කරන ලදි. විශ්‍රාම වැටුප් විරැකියා ප්‍රතිලාභ සෞඛ්‍ය අධ්‍යාපනය වැනි දේ කප්පාදු කිරීමක් සිදු නොකරන ලදි. අයිස්ලන්තයට රාජ්‍ය ආයෝජන අවම කෙරිණි. රාජ්‍ය අර්බුදයත් සමඟ ඒ රටේ මුදලේ අගය ඒ රජය විසින්ම පහළ දමන ලදි. ඒ හරහා මහ බැංකුව හරහා අයිස්ලන්තයේ භාණ්ඩවලට හොඳ විදෙස් වෙළෙඳ පොළක් ලැබිණි. ඒතුළින් අපනයන ප්‍රමාණය වැඩි විය. එසේම ඒ රටේ පිටරටවලින් ගෙන එන තෙල් අඩු කර පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන ලදි.

මේ අර්බුදය අවසන් වූ පසු සෑම පුරවැසියකුටම දරාගත හැකි ආකාරයකට ආදායම් බදු අඩු කිරීම සිදු විය. ආදායම් බදු අඩුවීම හරහා පුද්ගලයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ද ඉහළ යයි. ඒමඟින් වෙළඳ පොළ වැඩි දියුණු වීම සහ ආර්ථික වර්ධනයට ද හේතු විය. එසේම ආයෝජන කර්මාන්ත සඳහා විශේෂිත බදු දිරිගැන්වීම් පර්යේෂණ හා සංවර්ධනයට අදාළ කර්මාන්ත සඳහා දේශීය නිෂ්පාදන භාවිත කරමින් පර්යේෂණ කිරීම සිදු විය. අයිස්ලන්ත රජය එහි ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනු ගැන සාකච්ඡා කළ අතර, ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය අඩු කරගනු ලැබිණි. මෙය රටේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ එහි ඉතිරි ණය ගෙවීම පහසු කිරීමට උපකාරී විය.

සංචාරක ව්‍යාපාරය ආර්ථික වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මතු වී ඇති අතර රජය ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත. අයිස්ලන්තයේ ස්වභාව සෞන්දර්යය සහ ආකර්ෂණීය ස්ථාන රැසකින් යුක්තය. එරට ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කරන ලදි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ අතර වැදගත්ම ආර්ථික අංශයක් බවට සංචාරක කර්මාන්තය පත්ව ඇත.

එසේම සිය අය වැය හිඟය අඩු කිරීම සඳහා අයිස්ලන්ත රජය ප්‍රතිසංස්කරණ පියවර මාලාවක් ක්‍රියාත්මක කළේය. මෙමඟින් රජයේ මුල්‍ය කළමනාකාරිත්වය පිළිබඳ විශ්වාසය නැවත ඇති කිරීමටත්, ආයෝජකයන් සඳහා රට වඩාත් ආකර්ෂණීය කිරීමටත් හැකි විය.

එරට 2011 සිට ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර ක්‍රෝනා මුදල් ඒකකය එහි වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් නැවත ලබාගෙන ඇත. අයිස්ලන්ත මූල්‍ය අර්බුදයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව නිසා එරට යථා තත්ත්වයට පත්විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම, ප්‍රාග්ධන පාලනයන් පැනවීම, බදු වැඩි කිරීම, බැංකු ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට හේතුවිය. එය ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැසසුමට ලක්ව ඇත.

මූල්‍ය අංශය නියාමනය විශාල කිරීම, අධික අවදානමක් ගැනීමට සහ මූල්‍ය අස්ථාවරත්වයට හේතු විය හැකි බව එහිදි අයිස්ලන්තය තුළින් අපට උගත හැකි පාඩම් වෙයි. මූල්‍ය විනයක් පවත්වා ගෙන යාම ප්‍රාග්ධන පාලනය මුදල් අර්බුද වැළැක්වීමට සහ ආර්ථිකයක් ස්ථාවර කිරීමට ඵලදායී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලදී. ආර්ථිකය විවිධාංගීකරණය රටක ආර්ථික ස්ථාවරත්වයට වඩා වැදගත් වෙයි. එක් අංශයක් මත යැපීම හේතුවෙන් ආර්ථිකය අස්ථාවර වීමට හේතු වෙයි. එහි අත්දැකීම් සමාන අභියෝගවලට මුහුණ දෙන අනෙකුත් රටවලට ආදර්ශවත් වෙයි.

අයිස්ලන්තය අපේ රටට සාපේක්ෂව විශාල රටක් වුවත් ඒ රට කුඩා රටකි. එහෙත් අපේ රටට ආර්ථික අර්බුදයකින් ගොඩ එන්නේ කෙසේද යන්න අයිස්ලන්තයෙන් ගතහැකි ආදර්ශ රැසකි. එහෙම නැති රටට නව ආර්ථික ශක්තියක් වන ක්‍රමෝපායන් ක්‍රියාත්මක කර ආර්ථික වශයෙන් රටක් ගොඩ එන ගමන් ජනතා ආරක්ෂණය හා සමාජ ආරක්ෂණය ක්‍රියාවට නැංවීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී එරට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග රැසක් අපට දක්නට ලැබෙයි. එසේම වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩා ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාමූහික උත්සාහයෙන් අවශ්‍ය කටයුතු කළ යුතු බව එරටින් අපට ලැබෙන ආදර්ශවත් පණිවුඩයකි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division