Home » ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලී නංවන ක්‍රමවේදය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොලී නංවන ක්‍රමවේදය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

by Mahesh Lakehouse
May 11, 2024 12:37 am 0 comment

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා වාර්ෂිකව සියයට 15 නොඉක්මවූ පොලී ප්‍රතිශත ලබා දීමක් සිදුකොට තිබේ. නමුත් මේ වනවිට එම පොලී ප්‍රතිශත තනි ඉලක්කමේ ප්‍රතිශත බවට පත්වී ඇත. මෙම තත්ත්වය නිසා පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවයන්ට පත් වූ බව සඳහන් කරමින් තමාද දැනුවත් කර ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා කීය.

ඊට අමතරව ඔවුන් මේ සම්බන්ධයෙන් වරින් වර ජනාධිපතිවරයා ද දැනුවත් කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මෙම කරුණ පිළිබඳව සාවධානව සහ සානුකම්පිතව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි බවද සියඹලාපිටිය මහතා පැවැසීය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division