ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙනුවෙන් මේ මස 07 වැනිදා වන විට රුපියල් හත්කෝටි හැත්තෑපන් ලක්ෂ හතළිස් දෙදහස් දෙසීය හැත්ත නවයයි ශත හැට හතරක (77542279.64) මුදලක් ලැබී ඇතැයි එම අරමුදල ප්‍රකාශ කරයි.
මේ වසරේ පෙබරවාරි 27 වැනි දින රුපියල් හාරසියයකින් ඇරඹි මෙම අරමුදලට මේ වන විට පුද්ගලයින් සහ විවිධ සමාජ කණ්ඩායම් 1347ක පිරිසක් දායකත්වය ලබා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත ආයතනය හරහා පලස්තීන රජය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ ලබා දීමට පියවර ගත්තේය. එම මුදල ලබා දෙනු ලැබුවේ අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ මුදල් සහ විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් ලබා දුන් මුදල් යොදා ගනිමිනි.
මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්ද කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් රුපියල් මිලියන 03ක මුදලක්ද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා රුපියල් ලක්ෂ 5ක මුදලක්ද මෙම අරමුදල සඳහා පිරිනැමීය.
ජයසිරි මුණසිංහ