නීති විරෝධී මාර්ග හරහා කූලී හේවායින් ලෙස රුසියා – යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇත. ඒ සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙතොත් ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකතන අංක ඇතුළු අදාළ සියලු තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකතන අංක 0112 44 11 46 වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
මීට අමතරව සහකාර පොලිස් අධිකාරි ජනකාන්ත – 071 8592832 හා මේ සම්බන්ධව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර 0777 882 882 දුරකතන අංකවලටද ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකි බව දැනුම් දී ඇත.