567
ආයුධවලින් සමන්විත ජනතාවක් පාරට බැස්සවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත යූටියුබ් නාළිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී පවසා ඇත.
එක් එක් පාර්ශ්වයන් තම තමන්ගේ ආයුධවලින් එසේ සන්නද්ධව අරගලයක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එම නාළිකාවට පවසා තිබේ. එහිදී ඔහු පෙන්වා දෙන්නේ ගොවියන් දෑකැති ඇතුළු උපකරණවලින් සන්නද්ධව පාරට බැස්සවිය යුතු බවයි. එමෙන්ම ගෘහිණියන් මුළුතැන්ගෙයි උපකරණවලින් සන්නද්ධව පාරට බැසිය යුතු බවද ඔහු පවසා ඇත.
මතවාදයෙන් මෙන්ම ආත්ම පරිත්‍යාගයෙන් ජනතාව මෙසේ සන්නද්ධ විය යුතු බවත් දැනුමින් සන්නද්ධ වීම වඩාත් අවශ්‍ය වන බවත් ඔහු පවසා ඇත.