වනජීවී සහ සොබා සම්පත් සුරැකීමේ සමාජය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟින් එක්ව අබාන්ස් සමාගම විසින් බෙල්ලන්විල-අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති සුවිශේෂී ජීවීන් සහ ශාක විශේෂ දැකගත හැකි පාරිසරික වාසභූමිය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මීට වසර 5 කට පෙර ආරම්භ කරන ලදී. අගනුවර සමීපයේ පිහිටි අතිශය වැදගත් පරිසර පද්ධතියක් රැක ගැනීම වෙනුවෙන් LG Loves Green Sri Lanka යන තේමාව යටතේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. අබාන්ස් PLC හි මෙහෙයුම් අධ්යක්ෂ බුද්ධික ධර්මවර්ධන පවසන්නේ, LG සමාගමේ අවධානයට ලක් වී ඇති පරිසරය සුරැකීමේ වැඩසටහන් වෙත සක්‍රියව දායක වෙමින් සිය ආයතනික වගකීම ඉහළින්ම ඉටුකිරීමට අබාන්ස් සමාගම කටයුතු කරන බවයි.
වනජීවී සහ සොබා සම්පත් සුරැකීමට ‘LG හරිත කොදෙව්ව’
1.1K
previous post