Home » වතුකරයේ දරුවන්ට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් රැකවරණය

වතුකරයේ දරුවන්ට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් රැකවරණය

by sachintha
May 18, 2024 12:32 am 0 comment

අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය PHDT යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප්‍රතිඵලයන් ලෙස මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි රැකවරණය ලැබූ දරුවන් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ නීතිඥ වෘත්තීය වැනි ක්ෂේත්‍රයන් තුළින් ජයග්‍රහණයන් හිමි කරගෙන තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division