AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය අඛණ්ඩ 29 වැනි වසරටත් කොළඹ ලේක්සයිඩ් හොටලයේදී පැවැත්විණි. සෑම වසරකම, දිස්ත්‍රික්ක මට්ටමින් 5 වසර ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා දරුවන් 25 දෙනකු මෙම ශිෂ්‍යත්වයට හිමිකම් ලබයි. 1994 වසරේ සිට මේ දක්වා මෙරට දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය අගයමින් ක්‍රියාත්මක මෙම AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඒ සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ මවුපියන් AIA ඉන්ෂුවරන්ස් රක්ෂණ හිමියන් වීම අත්‍යවශ්‍ය කරුණක් නොවී එය දරුවන්ගේ දක්ෂතාවය මත පමණක්ම පදනම් වීමය. මෙවර ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය මෙරට විශිෂ්ට ගණයේ විද්වතකු වන මහාචාර්ය අජිත් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඔහු ශිෂ්‍යත්වලාභීන්ට වටිනා ඔවදන් රාශියක් ලබා දුන්නේය.
සමාජයට අර්ථාන්විත දායකත්වයක් සපයන ආකාරයෙන් වැඩ කරන ලෙසත් සැබෑම ආත්ම තෘප්තිය ලැබෙන්නේ තම රට ජාතිය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට හැකි වූ විටදී බවත් එතුමා ශිෂ්‍යත්වලාභීන්ට කියා සිටියේය.