HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම ‘1303’ ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
මෙම සේවය නිසා තවදුරටත් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් පාරිභෝගිකයින් හට දීර්ඝ වේලාවක් දුරකතනයේ රැඳී සිටීමට සහ දීර්ඝ ක්‍රියාවලියක් හරහා යාමට සිදු නොවන අතර හදිසි අවස්ථාවලදී ඉතා පහසුවෙන් ඕනෑම තැනක සිට ක්‍ෂණිකව සමාගම හා සම්බන්ධ වීමට හැකියාව ලැබේ. එහි විශේෂත්වය වන්නේ රක්‍ෂණ හිමිකම් ලබාගැනීම, නව රක්‍ෂණාවරණයක් ලබා ගැනීම හෝ අලුත් කිරීම, සේවාවන් සම්බන්ධ දැන ගැනීම් වැනි සියලු පාරිභෝගික අවශ්‍යතාවන් වෙනුවෙන් නියෝජිත සහාය ලබා ගැනීමට ක්‍ෂණිකව හැකි වීමයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මෙසේ පැවැසීය.
” HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම නිරන්තරයෙන් නව්‍යකරණය හරහා අරමුණ ජය ගැනීමට උත්සාහ කරන සමාගමක්. ඒ නිසා ‘1303’ ක්‍ෂණික ඇමතුම් සේවය හඳුන්වාදීම අපට සුවිශේෂී ජයග්‍රහණයක්.”