රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේදී පැවැත්වේ. මැයි මස 21 වැනි දා රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 23 වැනිදා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගි වනු ඇත.
රාජ්‍ය වෙසක් උත්සවය 27 වැනිදා දක්වා සතියක් පුරා පැවැත්වේ.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර සමාප්ති උත්සවය පල්ලේපොළ ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් මිල්ලවාන ශ්‍රී සුනන්දාරාමයේදී පැවැත්වේ.
මෙවර උත්සවයේද කලල්පිටිය පුරාණ විහාරය පූජා භූමියක් බවට පත් කිරීම සිදු කෙරෙන අතර මාතලේ උකුවෙල අනුරුද අරණ කේන්ද්‍ර කරගෙන විශේෂ පින්කම් රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ගේ මූලිකත්වයෙනි.
එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ආවරණය කරමින් විවිධ ආගමික,ශාසනික හා සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
තාරක වික්‍රමසේකර