ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ නිල ආරාධනයකට අනුව, ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීම සඳහා සහභාගි වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම 20 දා “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ දේශනයක් පැවැත්වීමට නියමිතය.
‘සාමුහික සෞභාග්‍ය සඳහා ජලය‘ තේමාව යටතේ 18 වැනිදා ආරම්භ වූ එම සංසදය ලබන 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත වේ.
සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග හඹායෑම සඳහා ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සංසදයේ අරමුණ වී ඇත. ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් ජලය ආශ්‍රිත මාතෘකා යටතේ සිය අදහස් පළ කිරීමේ අවස්ථාව ලෝක ජල සංසදයේ කැපී පෙනෙන අංගයක් වනු ඇත. එමඟින් ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව ද උදා වී තිබේ. මේ සාමුහක ප්‍රයත්නය බලාත්මක කිරීමට සහ ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සැලකිය යුතු භූමිකාවක නිරත වන අතර, ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරක් වනු ඇත.
ලෝක ජල සංසදය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාලගුණ සංවිධානය එක්වී සිටී.
කැපවීමේ, තේමාවට අදාළ විසඳුම් සෙවීමේ සහ කලාපීය සුබවාදී ප්‍රතිවාර වැඩිදියුණු කිරීමේ වසර 3ක ක්‍රියාවලියක් පවතින බව සංසදය සඳහන් කරයි.
ඒ අනුව ජල අභියෝග සම්බන්ධව ලෝක ජල සංසදයේ සාකච්ඡා මගින් විසඳුම් සැපයීම, සියලු මට්ටම්වල (රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයනතය සහ ද්‍රෝනි බලධාරීන්) තේරී පත් වූ පුද්ගලයන් සහ නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව සැලසීම සහ දේශීය අවශ්‍යතා මත පදනම්ව සියලුම ප්‍රදේශවලින් ජලය පිළිබඳ ඉදිරි දර්ශනයක් සැපයීම සිදු කරනු ලබයි.
ෆවුස් මොහමඩ්