Home » විද්‍යා පීඨ අනධ්‍යයන සේවකයන්ට රතු එළියක්

විද්‍යා පීඨ අනධ්‍යයන සේවකයන්ට රතු එළියක්

by Mahesh Lakehouse
May 18, 2024 12:32 am 0 comment

විද්‍යා පීඨවල සේවය කරන අනධ්‍යයන සේවකයන් නිවාඩු අනුමත කිරීමකින් තොරව සේවයට වාර්තා නොකරන්නේ නම් සහ නොදන්වා සේවයට නොපැමිණෙන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික හා අදාළ විධි විධාන අනුව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සියළුම පීඨාධිපතිවරුන් වෙත දන්වා යවා තිබේ.

එම පීඨයන්හි සේවය කරන ජල යන්ත්‍ර ක්‍රියාකරු, අරක්කැමි, සහ ගිලන්හල් සේවා සහයක යන තනතුරුවලට පවතින ප්‍රතිපාදන යටතේ අතිකාල දීමනා ගෙවීමටත් සියලුම පීඨාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන අමතර ප්‍රතිපාදන ප්‍රමාණය ගණනය කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් සියලුම විද්‍යා පීඨ ලේඛකාධිකාරිවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ සඳහන් වේ. ඒ අනුව අදාළ තනතුරුධාරීන් වහාම සේවයට වාර්තා කර නියමිත පරිදි රාජකාරී ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division