‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගැන අසා නැති කෙනෙක් නැති තරම්ය. පසුගිය කාලයේ සම්බාහන මධ්‍යස්ථාන ගැන ලොකුවට කතාබහක් සමාජයේ ඇතිවුණේ යුක්තිය මෙහෙයුමේදී ‘ස්පා’ මෙහෙයුම ද සිදු වූ නිසාය. එහිදී අනාවරණය වූ ප්‍රධානම කාරණාව නම් සම්බාහනය මුවාවෙන් මේ තැන්වල සිදුවන කාම ජාවාරම් ගැනය.
යුක්තිය මෙහෙයුමට අදාළව ‘ස්පා මෙහෙයුම්’ සිදු කිරීම සඳහා පළමුවෙන්ම කටයුතු කළ පොලිස් නිලධරයා පොලිස් අධිකාරි එරික් පෙරේරාය. ඔහු මීගමුව කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයාය. මීගමුවට පිළිලයක් වූ නීති විරෝධී ස්පා වැටලීමේ ලොකුම මෙහෙයුමට පොලිස් අධිකාරි එරික් පෙරේරා අත ගසන්නේ බය නැතිවය. ඒ ඔහු වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි ලෙස සේවය කරන කාලයේ වෙන්නප්පුවේ නීති විරෝධී ස්පා ගණනාවක් සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසු ඒවා සම්බන්ධව නීතිමය කටයුතු කළ නිලධාරියා ඔහු වන නිසාය. මීගමුව ස්පා මෙහෙයුමේදී ස්පා මුවාවෙන් කරගෙන ගිය ලොව පැරණිම වෘත්තිය ගැන ද හෙළි විය. ස්පා 56ක් පමණ වසා දැමිණි. ඒඩ්ස් හැදුන කාන්තාවන් දෙදෙනෙකු ද මේ ස්පාවලින් සොයා ගැනිණි. සුවිශේෂී සිද්ධිය වූයේ වයස අවුරුදු 15ක පමණ දැරියක් මේ ස්පා එකක සිට පොලිසියට හමුවීමයි.
පොලිස් අධිකාරි එරික් පෙරේරා බය නැතුව සිදු කරන ලද මීගමුව ස්පා මෙහෙයුමෙන් අනතුරුව මාතර, මහරගම, තලවතුගොඩ ඇතුළු නගර, ගම්දනව් ගණනාවක පිහිටි නීති විරෝධී ස්පා ගණානාවක් අදාළ පොලිස් ස්ථානවල නිලධරයන් විසින් වටලන ලදි. මේ බොහෝ ඒවායේ සිදු වූයේ ගණිකා ජාවාරමයි. අන්තර්ජාලය ඔස්සේ ද ඇණවුම්කර සමහර ස්ථානවලින් කාන්තාවන් ගෙන්වාගත හැකි බව ද මේ විමර්ශනවලදී හෙළි විය.
ගම්බිම්වලින් ගෙන්වා ගන්නා ඇතැම් රූමත් තරුණ කතුන් ‘ස්පා’ නමින් හඳුන්වන සමහර ගුබ්බෑයම්වල නවාතැන් ලබා දී ලොකු මුදලකට සළෙලුන්ට අලෙවි කිරීමේ ජාවාරම ලොකුවටම මේවායේ සිදුවන බව ද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.
තලවතුගොඩ, තලංගම, නුගේගොඩ, මහරගම ප්‍රදේශවලද ස්පා වැඩිපුර පිහිටා තිබෙන අයුරු නොදන්නා කෙනෙක් නැත. ඊළඟට වැඩිපුරම ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේය.
සංචාරක ආකර්ෂණය ද සහිත ගල්කිස්ස ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ලෙසින් පවත්වාගෙන යන ගණිකා මඩම් ගැන ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාට තොරතුරු ලැබෙන්නේ පසුගියදාය. මේ තොරතුරු ලැබෙන විටත් ගල්කිස්ස පොලිසියේ නිලධරයෝ හොර ස්පා කිහිපයක්ම වටලා ඒවායේ ගණිකා වෘත්තියේ නිරතව සිටි කතුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ආයුර්වේද සම්බාහනයට මුවාවී පවත්වාගෙන යන ගණිකා මඩම් තුනක් පිළිබඳව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට තොරතුරු ලැබී තිබිණි. අදාළ හොර ස්පා දෙක පිහිටා තිබුණේ ගල්කිස්ස කාෂියා පාර සහ වෙරළ පාර ප්‍රදේශවලය. ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මේ වැටලීම පවරන්නේ ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේටය.
වැටලීම සැලසුම් කළ පොලිස් පරීක්ෂක චමින්ද පොලිස් උපාය දූතයකු අදාළ ස්පාවලට යොමු කරන්නේ ඒ තැන්වල කරන ගණිකා ජාවාරම අතටම අල්ලා ගැනීම සඳහාය.
පොලිස් උපාය දූතයාගේ මාර්ගයෙන් වැටලීම සිදුකළ පොලිස් නිලධරයෝ ඒවායේ සිටි කතුන් නවදෙනෙකු අත්අඩංගුවට ගන්නේ සැකපිටය. මේ කතුන් මුදලට විකිණෙන අය බව පොලිසිය ඒ වන විටත් සොයාගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් කතුන් පානදුර, ඇල්පිටිය, නිට්ටඹුව, කැටඹුලාව, වැලිපැන්න, පොලොන්නරුව, දෙණියාය ප්‍රදේශවල පදිංචිකාරියන් බවට තොරතුරු හෙළි වන්නේ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. සැකකාරිගේ අවුරුදු 25, 44 වයස්වල පසුවන අය වූහ.
මේ සැකකාරියන්ගෙන් ඇතැමෙක් රුපියල් 6000 සිට ඉහළ මිල ගණන්වලට ඇතැම් පුද්ගලයන්ට අලෙවි වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි විය.
මේ වසරේ මේ දක්වා ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන 10ක් පමණ වටලා කතුන් 40දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ, සැරයන් (60674) මධුෂංක, කොස්තාපල්වරුන් වන (34274) පියසිරි, (11746) බණ්ඩාර, (105087) ලක්ෂාන්, කාන්තා කොස්තාපල් (12396) ගමගේ යන නිලධාරීන් සහ නිලධාරිනියෝ වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.
මේ අතර පොලිසිය මෙලෙස යුක්තිය මෙහෙයුම් යටතේ සිදු කරන හොර ස්පා සහ ගණිකා ජාවාරම් මර්දන මෙහෙයුම්වලට අදාළව පසුගියදා අනාවරණය වූ සුවිශේෂී සිද්ධිය වූයේ පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද වීථි ගණිකාවන් 25දෙනෙක් සමාජ රෝග වැලඳුණ අය බවට වෛද්‍ය පරීක්ෂණයකදී හෙළි විය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය, පට්ටිය හන්දිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද වීථි ගණිකාවන් 25 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරන ලද අවස්ථාවේදී ඔවුන්ට සමාජ රෝග වැලඳී තිබුණු බව අනාවරණය විය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සහ මුදලට සිය සිරුර විකුණන කතුන් කණ්ඩායමක් පෑලියගොඩ ඉහත ප්‍රදේශවල සංවිධානාත්මක ලෙස කටයුතු කරන බව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. කළුවිතාරණට ලැබුණු තොරතුරු මත මේ වැටලීම සිදු කෙරිණි.
දීපාල් සමරසේකර