මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති ශ්‍රී රවි ශංකර්තුමා හෙවත් ශ්‍රී ගුරුදේව්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරත විය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසු කළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක කර ගත් එක් විශාලතම සංවිධානයක් වන The Art of Living සංවිධානය සාකච්ඡාව පිණිස විවර කළේය. එතුමා ශ්‍රී ලංකාවේ යෙදුණු මෙම සංචාරයේදී එම සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති ගණනාවක් නැරැඹීමේ සංචාරයකද යෙදුණේය. ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ව්‍යාපෘති 12 ක් ආරම්භ කිරීම එතුමාගේ සහභාගිත්වයෙන් සිදු විය.
භාවනාව සහ ප්‍රායෝගික ප්‍රඥාව භාවිත කරමින් මිනිසුන් එකමුතු කිරීමට, සවිබල ගැන්වීමට එතුමාගේ වැඩසටහන්වලින් ශිල්ප ක්‍රම සහ මෙවලම් ලබා දීම සිදු කරයි. ලාභ ඉපැයීමකින් තොරව පවත්වාගෙන යන ඔහුගේ සංවිධානය මඟින් ස්ත්‍රී පුරුෂභාවය, වර්ගය, ජාතිය සහ ආගම පිළිබඳ සීමා ඉක්මවා යමින් මනුෂ්‍යත්වයේ අනන්‍යතාව හඳුනා ගැනීම සිදු වේ.