Home » DIMO බලගොල්ල ශාඛාව විවෘත කරයි

DIMO බලගොල්ල ශාඛාව විවෘත කරයි

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

DIMO, සිය බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් ලෙස අංක 688, බලගොල්ල, කෙන්ගල්ල දරන ස්ථානයේ දී පසුගියදා විවෘත කළේය.

මෙම නව ශාඛාව මඟින් ප්‍රවාහන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් සේවා රැසක් හඳුන්වා දී ඇති අතර, ගෘහ උපකරණ විසඳුම් මාලාවක් ද පිරිනමමින් පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද ප්‍රබල දායකත්වයක් සපයනු ඇත.

DIMO හි Automotive Engineering Solutions ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මහේෂ් කරුණාරත්න මෙසේ සිය අදහස් දැක්වීය.

“රටේ සමස්ත ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් කලාපීය වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. DIMO බලගොල්ල සේවා මධ්‍යස්ථානය පූර්ණ ශාඛාවක් දක්වා වැඩිදියුණු කිරීම කලාපීය වර්ධනයට දායක වීම සඳහා වන අපගේ වෑයමේ තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එසේම, DIMO බලගොල්ල ශාඛාව තුළින් විසඳුම් රැසක් එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාව වෙත පිරිනමා තිබෙනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division