නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත බැංකු අතර හතර වන බැංකුවයි. එය, 2024 මාර්තු 31න් අවසන් වන කාර්තුව සඳහා ධනාත්මක අයුරින් මනා කාර්යසාධනයක් සහිතව මෙම මූල්‍ය වර්ෂය ආරම්භ කළේය. අවම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් ණය ඉල්ලුම සාපේක්ෂව අවම මට්ටමක පැවති හේතුවෙන් බැංකුව අඛණ්ඩවම අභියෝගවලට මුහුණ දුන් බවට NDB බැංකුවේ අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ අදහස් පළ කළේය. “අරමුදල් පිරිවැය ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීම, බැංකු ගනුදෙනු හරහා ගාස්තු මත පදනම් වූ ආදායම වැඩිදියුණු කිරීම සහ ආයෝජන කලඹ වැඩිදියුණු කරගැනීම නමැති ප්‍රධාන ඉලක්ක මත ගොඩනැඟුණු ක්‍රමෝපාය සැලැස්මට දැඩිව අනුගත වීම මඟින් මෙම අභියෝගයන්ට මුහුණ දීමට සහ අපගේ කොටස් හිමියන්ට ස්ථාවර වටිනාකමක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් නව්‍ය සහ තිරසර බැංකු පරිචයන් හරහා යටිරේඛීය වර්ධනයක් සහ කොටස් හිමියන්ගේ වටිනාකම් වර්ධනය උදෙසා අප කැප වී සිටින්නෙමු…”
පළමු කාර්තුවේදී ම NDB බැංකුව උසස් කාර්යසාධනයක
1.4K
previous post