ජනාධිපතිවරණය පැවැත්වීම මේ වසරේ අනිවාර්යෙන්ම සිදු කෙරෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සිළුමිණට පැවසීය. ඒ සඳහා අය වැයෙන් බිලියන 10ක මුදලක් වෙන්කර ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීම අනිවාර්ය වන බවත් ඒ සඳහා දින වකවානු මැතිවරණ කොමිසම විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවද ඇමැතිවරයා පැවසුවේය.
එසේම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් කිසිසේත්ම සිදු නොවන බවත් එවන් සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් පිරිස් බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ ඇතැමුන් පවසන පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමක්ද සිදු නොවන බවයි.
ප්රජාතන්ත්රවාදී ප්‍රවාහයක් තුළ මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් නියමිත කාල වකවානු තුළදී මැතිවරණ පවත්වන බවට ජනාධිපතිවරයා විසින් දැනුවත් කර ඇතැයිද ඔහු කීය.
තාරක වික්‍රමසේකර