පක්ෂ දෙකේ නායකයන් අතර විවාදය ජුනි මස 3 වැනිදා සිට 7 දක්වා දිනයක පැවැත්වීමට සජබ ලිපියක් යොමු කරලා තියෙනවා?..
අපි ආරාධනා කරන්නේ පක්ෂ දෙකේ නායකයන් අතර පමණක් නොවෙයි ආර්ථික කමිටු අතරත් විවාදයට එන්න කියලා. ඒ අය දිගින් දිගටම මග හැරියා. ආර්ථික කමිටුව සම්බන්ධයෙන් සඳහනක් නොකර නායකයන් අතර විවාදයක් ගැන පමණක් කතා කරනවා.
ජාජබ නායක අනුර කුමාර දිසානායක ජුනි මස 6 වැනිදා විවාදයට කැමැත්ත ප්‍රකාශ කර මාධ්‍යයට ප්‍රකාශයක් කරලා තියෙනවා. මඟ හරින්න හදනවා නම් එහෙම ප්‍රකාශයක් කරන්නෙ නැහැ නේද?…
අපි කියන්නේ එක විවාදයක් විතරක් මදි, විවාද දෙකම තියන්න අවශ්‍යයි කියලා. අපි ඉදිරියේදී ඒ අයට ලිපියකින් දැනුම් දෙනවා. අපිට අවශ්‍ය දෙකම තියන්නයි. එකක් මග හැරලා අනික් එකට යන එකට අපි එකඟ නැහැ.
ජාජබ මීට පෙර එවන ලද ලිපියට සජබ ප්‍රතිචාර දැක්වූයේ නැහැ කියනවා?…
අපිට ප්‍රතිචාර දැක්වූ විදියට තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ මේ අවස්ථාවේ නිවැරදි ප්‍රතිචාරයක් අවශ්‍යයි. ඒ කියන්නේ අපිට මේ විවාද දෙකටම නිවැරදි දිනයක් අවශ්‍යයි. හරි ආර්ථික ප්‍රතිපත්තියක් තියනවා නම් ඇයි මේ ආර්ථීක කමිටු විවාදයට අකමැති වෙන්නේ කියලා අපිට ගැටලුවක් තියනවා.
ජාජබයට ආර්ථීක ප්‍රතිපත්තියක් නැහැ කියලද ඔබ කියන්නේ?…
ඒ අයට ආර්ථික ප්‍රතිපත්තියකුත් නැහැ, ආර්ථිකය පිළිබඳ දන්න කණ්ඩායමකුත් නැහැ කියලා පැහැදිලිවම පෙනී යනවා. ඒ අයට ආර්ථිකය පිළිබඳ දන්න කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයට විවාදයට එන්න පුළුවන් ඕන වෙලාවක. නැතිනම් කියන්න ඕන, අපිට කවුරුත් නැහැ ඉන්නේ අනුර කුමාර විතරයි කියලා. මයික් ඉස්සරහා කයිවාරු ගහලා වැඩක් නැහැ.
දෙපැත්තෙන්ම කඹ අදිනවා වගේ පේනවා?…
අපි නෙවෙයි කඹ අදින්නේ, ඒ අයයි එහෙම කරන්නේ. ඒ අය හදන්නේ මග හරින්න. අපි හදන්නේ විවාදය තියන්නයි. අපි මේ විවාද දෙකටම ලෑස්තියි.
ජුනි මාසේ 6 වැනිදත් මේ විවාදය තියන්නේ නැද්ද?
අපි කියන්නේ විවාද දෙකම තියන්න අවශ්‍යයි කියලා. ඒ අයයි මග හරින්නේ. ඒ මග හැරීමට හේතුවක් තියෙනවා.මොකද ඒගොල්ලන්ට ආර්ථික වැඩපිළිවෙළක් නැති නිසා සහ ආර්ථික කමිටුවක් නැති නිසා.
නිසි ආර්ථික සැලසුමක් නැති නිසා ඔබතුමාලට ජාජබ සමඟ විවාදයට එන්න බැරි බවයි ඒ අය කියන්නේ?
ආර්ථික කමිටු විවාදය සහ නායකයෝ අතර විවාදයට කැමැති නම් සහභාගි වෙන්න කියලා අපි ඉදිරියේදී ඒ අයට ලිඛිතව දැනුම් දෙනවා. ඒ අය මේ දේවල් සියල්ල කියන්නේ මේ විවාද මග හරින්න. අපේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියන්න මුලින් විවාදයට එන්න කියලා මම කියනවා.
හැබැයි ජාජබ කියන්නෙ මේ රටේ ජනතාව ඔබේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ කියලා.ඒක ජනතාව ඔප්පු කරලා පෙන්නලා තියනවා කියලා ඔවුන් කියනවා ?…
පිළිගන්නවද නැද්ද කියන එක විවාද කරන්න ඕනේ කාරණයක්. අපිට පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා. අපේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කරල නෑ. ඒවා අපි යාවත්කාලීන කරලා තියෙනවා. අපේ ආර්ථික වැඩපිළිවෙළයි යු එන්.පී. එකේ ආර්ථික වැඩපිළිවෙළයි සමපාත කරන්න හදලා වැඩක් නැහැ.
පාළු ගෙයි වළන් බිඳින්නෙ නැතිව විවාදයට එන්න
– ජාජබ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න
දෙපාර්ශ්වයේ දින නම් කරනවා හැර විවාදය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නැති බවයි පේන්නේ. දෙපාර්ශ්වයම මග හරින බවක් පේනවා?…
අපි විවාදය ඉල්ලලා දින දුන්නා. ඒ දිනවලට ඒ අය එකඟ වුණේ නැහැ. එයාලා දීපු දිනවලින් එකකට අපි හා කිව්වා. අපි පළමුවැනි වටයෙත් දින දීලා තියනවා. ඒ අය බැහැ කිව්වා. දෙවැනි වටයේ අපි හා කිව්වා. මේ ප්‍රශ්නය අහන්න අවශ්‍ය සජිත් පාර්ශ්වයෙන්. අපි 20ට පෙර විවාදය තියලා අවසන් කරමු කිව්වාම අන්තිමට 20 පහුවෙලා දින ටිකක් දාලා එව්වා. එනවද නැද්ද කියලා එයාගෙන් තමා අහන්න ඕන. අපි සූදානම්.
ඒ අය කියන්නේ නායකයන් අතර පමණක් නොවෙයි ආර්ථීක කමිටු විවාදයත් තියන්න අවශ්‍යයි කියලා?…
අපි නායකයෝ අතර විවාදයට අඬගැහුවේ 2023දී. එය මග හැරලා ඉඳලා ආර්ථික කවුන්සිලයෙ විවාදයක් කරමු කිව්වා. නායකයෝ දෙන්නා අතර විවාදය බලගතු විවාදයක්. රටේ නායකත්වය දරන්න යන නායකයො අතර විවාදයයි වඩා වැදගත්. කිසිදු විවාදයකට සජිත් මහත්තයා එනවා අපි දැකල නැහැ. තනියම ඇවිල්ලා පාළු ගෙයි වළන් බිඳලා යනවා ඇති. තව කෙනෙක් එක්ක විවාදයකට ඒමයි වඩා වැදගත් වන්නේ.
සජබ කැමැති වෙන්නේ විවාද දෙකම තියනවා නම් විතරයි කියලයි ඒ අය කියන්නෙ?…
අපි ඒ අය දුන් දිනයකට එකඟතාව පළ කළා. අපිට පේන්නේ ඒ අය මොකක් හරි මඟක් හොයන්නේ මග හරින්න. කවදාවත් සජිත් මහත්තයා විවාදයකට ඇවිල්ලා නැති නිසා නායකයෝ අතර විවාදය වඩා සුදුසුයි. රටේ මීට වඩා කතා කරන්න ප්‍රශ්න තියනවා. ඒ අය 20ට පසුව දිනයක් දුන්නේ අපි භාර ගන්න එකක් නැහැ කියල හිතලා.
ජාජබ සමඟ මැයි 7-14 දක්වා දින දීලා ඉන් පස්සේ මැයි 20 පස්සේ විවාදය තියන්නේ නැහැ කිව්වා නේද ? නැවත පවත්වන්න කැමැත්ත ප්‍රකාශ කළේ ඇයි ?…
ඒ අය නඟපු තර්කයට අනුව 20ට පස්සේ අපිට මේ විවාදය නොකර ඉන්නත් තිබුණා. නමුත් අපි කල්පනා කළා මේ විවාදය භාර ගන්නවා කියලා. අපි මග හරින්නේ නැහැ. ඒ අයයි මේක මග හරින්නේ. අපි ඒ අභියෝගය භාරගත්තා.
ජුනි 20ත් කල් යයිද?
ඒක ඉතින් ඒ අයගේ තීරණය, අපි සූදානම් වෙලා ඉන්නේ විවාදයට. රටක් විදිහට ජනතාවගේ අවධානය මේ විවාදයට යොමු කරන එක තේරුමක් නැහැ, මේක ඉවර කරන්න අවශ්‍යයි. රටේ තව දැවෙන ප්‍රශ්න මාලාවක්ම තියෙනවා.
ජාජබ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා විවාදයට එන්නෙ නැහැ කියලයි ඒ අය කියන්නේ?…
මොකක්වත් ප්‍රතිපත්තියක් නැති නිසා ඒ නායකයා එන්න බැහැ කියන එකයි අපේ තර්කය. ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති කලින් ක්‍රියාත්මක කරලා ඒවා අසාර්ථක වෙලත් තියෙනවා. පරණ ප්‍රතිපත්ති ටිකමනේ කියන්න තියෙන්නේ. ඒ ප්‍රතිත්තිවල වෙනසක් වෙලා නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියනවා කියලා අපි රටේ ජනතාවට කිව්වා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තවමත් මේ රටේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව පිළිගත්තේ නැති බව ඡන්දවලදි ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ.