Home » ආණ්ඩුව ආර්ථිකය ගැන හිතන්නෙ ඊසි කෑෂ් වගේ

ආණ්ඩුව ආර්ථිකය ගැන හිතන්නෙ ඊසි කෑෂ් වගේ

ජාජබ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

ආණ්ඩුවට ආර්ථිකය විනාශ කරන එක ‘ඊසි කෑෂ්‘ වගේ යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

‘‘කඩිමුඩියේ ආණ්ඩුව මේ ගෙනැවිත් තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ගේන්න තියෙන හදිස්සිය කොපමණද කිව්වොත් ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරගන්න හොඳ වචන හොයාගන්නත් බැරි වෙලා තියෙන්නෙ. උදාහරණයකට මේකෙ කොමිෂන් සභාවක් පිහිටවන හැටි 16 වැනි වගන්තියේ දක්වා තිබෙනවා. එහි දැක්වෙන්නේ ඊසි මණ්ඩලයක් පිහිටුවන බවටයි.

මෙතන මේ ඊසි මණ්ඩලය කියල කියනව ඇත්තේ ‘ඉකොනොමික් කොමිෂන්‘ එකට වෙන්න ඇති. ඊසි කෑෂ් නම් අපි දන්නවා. ඒත් ඊසි මණ්ඩලය නම් අපි දන්නේ නැහැ. රටේ ආර්ථිකය ගැන ආණ්ඩුවේ අය ඒ තරම් සරලව හිතනවා නම් ඉතින් අනෙක් ඒවා ගැන කියන්න දෙයක් නැහැ.

2027 වන විට සියයට 5ක් දක්වා ළඟා වීම, 2025 වසරේ සිට විරැකියාව ශ්‍රම බලකාය සියයට 5කට අඩු මට්ටමට ළඟා කර ගැනීම ආදී වශයෙන් ඉලක්ක. මේවා දැන් පනතකට ගෙනැවිත් තිබෙනවා. මේවා ආණ්ඩුවක් කළ යුතු ප්‍රතිපත්ති. ඒවත් පනතකට ගෙනැවිත්. ආණ්ඩුව මොනව කරනවද කියල එයාලම දන්නෙ නෑ‘‘

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division