Home » නීතිය සාධාරණව ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා

නීතිය සාධාරණව ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

රටේ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන පෙන්වාදෙයි.

‘‘යුක්තිය මෙහෙයුම තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරනවා, ඒක ඉතාමත් හොඳයි. නමුත් මේ රටට මත්කුඩු ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය ගෙන්වන ජාවාරම්කරුවන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනව නම් අපි තවත් සතුටුයි.

නමුත් අපි දකින්නේ බන්ධනාගාර පිරෙන්න මත් ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්න බවයි. ඒ අනුව මත්කුඩු ගෙන්වීමේ මාර්ග ඇහිරිල තියෙනවද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

ඒ වගේම අපි දැක්කා කටුනායකදි වීසා ගන්න ගියාම ඇති වුණ ප්‍රශ්නය. එය රටේ ජාතික ආක්ෂාවට ඍජුවම බලපාන ප්‍රශ්නයක්. ශ්‍රී ලාංකික නොවන ආයතනයකට රටට ඇතුළුවන සංචාරකයන් සහ විදේශිකයන්ගෙන් මෙතෙක් වීසා ලබාගැනීමේදී පැවති මුදලට වඩා විශාල මුදලක් අය කිරීමට අදාළ ආයතනයට ඉඩ සලසා දුන්නා. අප එය තරයේම හෙළා දකිනවා. ටෙන්ඩර් පටිපාටියකින් පවා තොරව විදෙස් ආයතනයකට විශාල මුදලක් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳව අපට ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් තියෙනවා.‘‘ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටු නොවීම ගැනද මෙහිදී මන්ත්‍රීවරයා තම විවේචනය පළ කළේය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division