Home » යාපනයේ ජනතාවට සින්නක්කර ඔප්පු 1286ක් පිරිනැමේ

යාපනයේ ජනතාවට සින්නක්කර ඔප්පු 1286ක් පිරිනැමේ

by Mahesh Lakehouse
May 25, 2024 12:30 am 0 comment

‘උරුමය ‘ වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය 24 වැනිදා සිකුරාදා යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පුවක් ප්‍රදානය කළ අවස්ථාවයි මේ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division