සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලිමිටඩ් (SFML) එක්සත් අරාබි එමීර්, ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ පවුල් ව්‍යාපාරවලින් එකක් වන Al Ghurair සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර, කොළඹ වරාය සංකීර්ණයේ පිහිටි SFML නවීන නිෂ්පාදනාගාරය නැරැඹීමට පසුගිය දා මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දුන්නේ ය.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, නවෝත්පාදනය සහ තිරසර ප්‍රතිපත්ති සඳහා SFML අනුගමනය කරන සුවිශේෂී පියවර මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී අනාවරණය කෙරිණි.
වසර 15 ක් පුරා ‘ජාතියට පෝෂණය’ යන තේමාවෙන් ක්‍රියාත්මක SFML සිය ගුණාත්මක බව සුරැකීම සඳහා සඳහා යොදා ගන්නේ අතිනවීන Swiss Buhler තාක්ෂණයයි. මේ නව්‍ය හඳුන්වා දීමත් සමඟ පිටි වර්ග 20කට අධික ප්‍රමාණයක් දක්වා නිෂ්පාදනය විහිදෙන අතර, පාන් සඳහා සෙරන්ඩිබ් ප්‍රීමියම් ෆ්ලා, වතුකරයේ ප්‍රජාවගේ පෝෂණ ඌණතාව සඳහා පිළියමක් ලෙස හඳුන්වා දුන් අධිශක්ති ෆෝෆිල්ඩ් මෙන්ම, බෝ නොවන රෝග ඉලක්ක කරමින් නිපදවනු ලැබූ Fibre Plus වැනි අගය එකතු කළ නිෂ්පාදන මඟින් ජාතියේ පෝෂණ අවශ්‍යතාව ඉහළ නැංවීම මෙන්ම සියලු ප්‍රජාවන්ට ගුණාත්මක ජීවිතයක් සඳහා සහාය ලබා දීමට ද සමාගම අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට SFML, සෑම විටම මාස තුනකට ප්‍රමාණවත් තිරිඟු තොග පවත්වා ගෙන යයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ප්‍රධාන විධායක නිලධාරි විජේ ෂර්මා කියා සිටියේ, “තිරසර සහ නවෝත්පාදන ආහාර විසඳුම් සමඟින් ජාතියට පෝෂණය සපයන්නට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපි කැප වී සිටිනවා. නවීනතම තාක්ෂණයෙන් බලගැන්වෙමින් ජාතියේ ආහාර සුරක්ෂිතතාව උදෙසා විශ්වසනීය හවුල්කරුවකු වීම අපගේ අපේක්ෂාවයි…” යනුවෙනි.