ඩයලොග් ආසිආටා පීඑල්සී, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ කැපවීම යළි තහවුරු කරමින් GSMA හි Connected Women ව්‍යාපෘතිය සමඟින් වන සිය ප්‍රතිඥාව අලුත් කර තිබේ.
කාන්තාවන්ට ජංගම දුරකතන හරහා අන්තර්ජාලය වෙත මෙන්ම ඩිජිටල් මුදල් සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු කරමින්, මෙරට ඩිජිටල් වශයෙන් පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාව තුරන් කිරීම තුළින් ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමේ ඩයලොග් කැපවීම මෙමඟින් අවධාරණය කෙරේ.
මේ පිළිබඳ ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ සඳහන් කළේ, ” GSMA හි Connected Women වැඩසටහනින් කාන්තාවන් සවිබල ගන්වමින් ඩිජිටල්කරණයෙන් හා මූල්‍යකරණයෙන් ඔවුන්ව සාර්ථක සහ දියුණුව සාක්ෂාත් කර ගැනීමට කාන්තාවන් මෙහෙයවන අතරේ, පුළුල් සමාජ- ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසින්ද කටයුතු කරනවා…” යනුවෙනි.