ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස, LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව හත්වැනි වරටත් පිදුම් ලබයි. SLICLL තම ව්‍යාපාර කටයුතුවලදී මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා මූලික තැන දෙන බවත්, වඩාත් සංවේදීව කටයුතු කරන බවත් මෙම ඇගැයීමට ලක් වීම සාක්ෂි දරයි.
එමෙන්ම සෑම විටම පාරිභෝගික පහසුව සහ විනිවිදභාවයෙන් යුතුව SLICLL අඛණ්ඩව නව්‍යකරණයන් සමඟ ඉදිරියට ගමන් කරයි. ‘පියකු මෙන් මවක මෙන්…’ සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් SLICLL නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ තුළින් මෙරට ජනතාව සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන තිබේ. SLICLL ජනතාව වෙත අඛණ්ඩව දී ඇති දායකත්වය, වෙළෙඳපොළ තුළ ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ රටේ අවශ්‍යතාවන්ට සංවේදී වෙමින් ඒ සඳහා විසඳුම් ලබා දීම, මෙසේ පිදුම් ලැබීමට හේතු විය.