Home » කුඩා ඉඩමක නිවසක් තනද්දී ඇතිවන වාස්තු දෝෂ

කුඩා ඉඩමක නිවසක් තනද්දී ඇතිවන වාස්තු දෝෂ

by Mahesh Lakehouse
June 1, 2024 12:31 am 0 comment

– ජල බස්නාව උතුරට නම්වඩාත් සුබයි
– පර්චස් 7-5-3 ඉඩම්වල ගෙවල් හදද්දී වාස්තු දෝෂ ගැන සැලකිලිමත් වීම අනිවාර්යයි

වාස්තු විද්‍යාවේ දැක්වෙන පරිදි එදාට වඩා අද වන විට නිවසක් ගොඩ නැඟීමේදී විවිධ පැතිකඩ ගැන නිරීක්ෂණය කළ යුතුවේ. පාද බෙදීමේදී ඉඩමක් අඩු වශයෙන් පර්චස් 40 කට වැඩි විය යුතුවේ. ඊට වඩා අඩු වපසරියක පාද බෙදීම අසීරුය.

ප්‍රේත පාදය නිවසකට හසුවීම අසුබ යැයිද වාස්තු විද්‍යාවේ දක්වා තිබේ. මනුෂ්‍ය සහ දේව පාද දෙකම ඉතාම ධනාත්මකයි. සුබයි. ඉතාම කුඩා පරිමාවක ඉඩමක නිවසක් ගොඩ නැඟීමේදී තරමක වාස්තු ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. නමුත් මනා කළමනාකාරිත්වයෙන් උපක්‍රමශීලීව වාස්තුවට එකඟව නිවස ඉදිකළ යුතුවේ.

එදා පැවති ඉඩම්වල වපසරිය තුළ නිවාස ගොඩ නැඟිණි. අක්කර ගණන් පසුව රූඩ්, පර්චස් වැනි කලාපවලට බෙදිණි. අද වන විට නාගරිකව පර්චස් 5 – 3 – 2 යන කුඩා ප්‍රමාණවල ඉඩකඩම්වල නිවාස සෑදේ.

මෙවැනි ඉතාම කුඩා ප්‍රමාණයක වුවත් තමාට වෙනත් විකල්පයක් නොමැති නම් මේ වපසරිය තුළ නිවාස ගොඩ නැඟීමට සිදුවේ. වාස්තුවට සුබ වනසේ ගෙයක් සාදා පසුව ගෙට බාහිරින් කොටස් එකතු කිරීමේදී වර්ගීකරණය වෙනස් වී අනිවාර්යෙන්ම බ්‍රහ්ම පාදය හෙවත් ‘මධ්‍ය ලක්ෂ්‍යය’ වැරදි තැනකට පත්විය හැක.

නිවසක් තනන්නේ පර්චස් 7 – 5 – 3 වැනි ප්‍රමාණයක නම් ප්‍රශ්නය තරමක් බරපතළය. ඉඩමේ පාද බෙදා මර්මස්ථාන පිළිබඳව දැනුම්වත් විය යුතුවේ.

මේ අතර බහිරව දෝෂයක් ගැනද යම් යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නඟී. එය එක්තරා සංකීර්ණ ගත කරුණකි.

මේ පිළිබඳව විවිධ මතිමතාන්තර ඇත. එය වෙනත් කතිකාවක් යටතේ කතා බහ කළ යුතුවේ.

අද බහිරව පූජා තැබීමට අති විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. වාස්තුවේ මුල් අදියරේ සිටම කතාබහ කළත් මෙහි කෙළවරක් නැත.

නිවාස ඉදිකරන විට සෑම පැතිකඩක් ගැනම බැලිය යුතුවේ. උතුරට ජල බස්නාව ඇත්නම් වඩාත් යහපත්ය.

නමුත් කඳු බෑවුම්වල දකුණට සහ නිරිතටද ජල බස්නාව පිහිටා තිබේ.

සමතලා බිමක් සොයා ගැනීම ගැමි ප්‍රදේශවල තරමක් අපහසුය. නාගරිකව නම් මිල ඉතාම අධිකවේ. සමහර විට වෙල් කුඹුරු ගොඩකර විකුණන ක්‍රමවේද ඇත.

දහයියා, ලී කුඩු, පොල්ලෙලි, පිදුරු මෙන් කඩන ලද පැරණි ගෙවල්වල නටබුන් ද්‍රව්‍ය පුරවා උඩින් පස් දමා කලාත්මකව සකසා විකුණන ඇතැම් බිම් කැබලි ගැනද විපරම් කර බැලිය යුතුවේ.

තමා නිවසක් සාදා එහි පදිංචි වන තෙක්ම ඒ ගැන ක්‍රමවත්ව සොයා බැලීම අනිවාර්ය කරුණකි. පැරණි ගැමියන් නිවසක් සෑදීමට පෙර විචිත්‍ර වී ආගමික වතාවත් තුළ තෙමසක් පමණ ගත කරයි.

තමාට හිතෙන හිතෙන අන්දමට නිවාස ගොඩ නැඟීමට හැකි වුවත් ඒ තුළ ජීවත් වීමේදී ධනාත්මක නොවේ නම් ඇති වන්නේ කායික මානසික පීඩනයකි.

වාස්තුවේ වරද්දා ගත් තැන් ද ඇත. මධ්‍ය ලක්ෂ්‍යය බ්‍රහ්ම පාදය අවහිර වන ලෙසත් සමහර විට බ්‍රහ්ම පාදය පොකුණකට වෙන්කර ඇති අතර සමහර නිවාසවල බ්‍රහ්ම පාදය සමීපවම වැසිකිළි, නාන කාමරද ගොඩ නඟා තිබේ.

නිවස කොතරම් කුඩා වුවත් ඔබේ නිවස ඔබට දෙව් විමනකි. ඒ තුළ දේවත්වයට මුල්තැන දී ආගමික වතාවත්වල යෙදෙමින් විශ්වය සමඟ පවිත්‍රකාරකව ගනුදෙනු කරමින් ජීවත් වනසේ ක්‍රියා කිරීම වාසනාවකි.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තුවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division