අද අප සාකච්ඡා ප්රස්තුතය කරගන්නේ මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිශක්තිය පිළිබඳය. මුලින්ම මෙම ප්‍රතිශක්තිය යන්න නිර්වචනය කරගැනීම වැදගත්ය.
මේ සම්බන්ධව සරලව පැහැදිලි කරගතහොත් මිනිස් සිරුරට ඇතුළුවන රෝග කාරක හෙවත් ව්‍යාධිජනකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය තුළ පවතින ආරක්ෂණ යන්ත්‍රණය විසින් දක්වන ප්‍රතිරෝධය ප්‍රතිශක්තිය නමින් හැඳින්වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කිරීමට අනුව මෙම ආරක්ෂණ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ සාධක තුනක් මතය.
1. ඇති වන තුවාල
2. ශරීරයට ඇතුළු වන ආක්රමණකාරී ව්‍යාධිජනක (බැක්ටිරියා, වයිරස්, දිලීර වැනි දේවල්)
3. ශරීරයට ඇතුළු වන බාහිර ආගන්තුක ද්‍රව්‍ය (මල්වල පරාග, සමහර ආහාර වර්ග, රුධිර පාරවිලයනයේ දී ශරීරයට නොගැළපෙන රුධිර සෛල ඇතුළු වීම, වෙතන් පුද්ගලයකුගේ ශරීරයෙන් ගත් පටක බද්ධ කිරීම, )
මෙම ප්‍රධාන කරුණු තුන මත ශරීරයේ අභ්‍යන්තර ආරක්ෂක යන්ත්‍රණය සක්‍රිය වන්නේය. සරල පැහැදිලි කිරීම අනුව ශරීරයට බාහිරින් අතුළු වන දේට එරෙහිව ශරීරය විසින් දක්වන ප්‍රතිරෝධය ප්‍රතිශක්තිය වේ. නවීන ව්‍යවහාරයේ මෙය ප්‍රතිශක්තිය ලෙස හැඳින්වුවද ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහශ්‍ර ගණනකට පෙර මෙම ක්‍රියාවලිය හැඳින්වූයේ ව්‍යාධි ක්ෂමත්වය ලෙසය.
ප්‍රතිශක්තිය ලැබෙන ක්‍රම
ශරීරයට ප්‍රතිශක්ති ලැබෙන ක්‍රම දෙකකි.
1. සහජ ප්‍රතිශක්තිය –
2. ලබා ගන්නා ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය යනු මනුෂ්‍යයාට සහජයෙන්ම හිමිවන ප්‍රතිශක්තිය ය. එනම් සහජ ප්‍රතිශක්තිය යනු එක් එක් පුද්ගලයාගේ ශරීරයටම උරුම වුණු එක් එක් පුද්ගලයාට අනන්‍ය වුණු සහජයෙන්ම ලැබුණු දේහ ආරක්ෂණ යන්ත්‍රණයකි.
සහජ ප්‍රතිශක්තිය එක් ආකාරයකින් පොදු ආරක්ෂණ යන්ත්‍රණයකි. එය ශරීරයට ඇතුළු වන එක් එක් ව්‍යාධි ජනකයට වෙන වෙනම ප්‍රතිචාර දක්වන විශේෂිත වූ ආරක්ෂණ යන්ත්‍රණයක් නොවේ. උදාහරණ ලෙස සරම්ප රෝගියෙක් ගැන කල්පනා කරමු. එහිදී දේහය තුළ ප්‍රතිශක්තිය උපදවා ගෙන සරම්ප රෝගය පාලන කරයි. එම ප්‍රතිශක්තිය සරම්ප රෝගය සඳහා පමණි.
සහජ ප්‍රතිශක්තිය එවැන්නක් නොවේ. එය පොදු ප්රතිශක්තියකි. ඕනෑම බැක්ටීරියාවක් වෛරසයක් ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් කර ප්‍රතිදේහ නිපදවන ප්‍රතිශක්ති විධියකි. මෙම සහජ ආරක්ෂක යන්ත්‍රණය ප්‍රතිඵලය ප්‍රතිශක්තිය ය.
මෙම සහජ ආරක්ෂණය ආකාර දෙකකට ක්‍රියාත්මක වේ.
1. බාහිර ආරක්ෂණ
2. අභ්‍යන්තර ආරක්ෂණය
බාහිර ආරක්ෂණය – එය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී පළමු පෙළ ආරක්ෂණය ලෙස ද නම් කරයි.
බාහිර ආරක්ෂණ යන්ත්‍රණය යනු ශරීරයේ බාහිර අවයවන්හි ක්‍රියාත්මක වන ආරක්ෂණ යන්ත්‍රණයකි. උදාහරණ ලෙස සම, ශ්ලේෂමල පටල, යම් යම් ශ්රාවවල ඇති ආරක්ෂණ යන්ත්‍රණය බාහිර ආරක්ෂණ යන්ත්‍රණය ය.
එය වැඩි දුරටත් පැහැදිලි කළ හැකිය. සම මත බැක්ටීරියාවක් වයිරසයක් හෝ දිලීරයක් වැනි බාහිර ආසාදනයක් ගැටුණහොත් සම මත ඇතිවන ප්‍රතිරෝධය හේතුවෙන් ඒ ආගන්තුක ද්‍රව්‍ය විනාශ වීමේ ක්‍රමවේදයක් ඇත. එතැන සිදුවන්නේ සම මත සිදුවන යම් කිසි ජීව රසායන ක්රමවේදයකි. එය බාහිර ආරක්ෂණ යන්ත්රණයේ එක් අවස්ථාවකි.
එමෙන්ම අපේ ශරීරයේ ශ්වසන පද්ධතිය, ආහාර ජිර්ණ පද්ධතිය, මූත්‍රා පද්ධතිය, ප්‍රජනන ව්‍යුහය වැනි පද්ධති තුළ යම් යම් ශ්ලේෂ්මල පටල පවතී. එම අවයවවලට යම් යම් රෝග කාරක ඇතුළුවන්නේ නම් එම ශ්ලේෂ්මල පටල තුළ සිදුවන යම් ජීව රසායන ක්‍රියාවලියක් මඟින් එම සාධක විනාශ කර දමයි. එයත් සහජ ආරක්ෂණ යන්ත්රණයේ එක් අවස්ථාවකි.
අනෙක නම් ශ්‍රාව වර්ගය. දහදිය, කඳුළු, කෙළ වැනි ශ්‍රාව මත යම් කිසි රෝග ජනකයක් රැඳුණහොත් එම රෝග ජනක විනාශ කිරිමේ හැකියාවක් එම ශ්රාවවලට තිබේ. එම ශ්‍රාව සහජයෙන් ලැබෙන ආරක්ෂණ ක්‍රියාවලියකි.
අභ්‍යන්තර ආරක්ෂණය
සහජ අභ්‍යන්තර ආරක්ෂණ ක්‍රියාවලිය හෙවත් දෙවන පෙළ ආරක්ෂණය ලෙස මෙම ක්‍රියාවලිය නම් කරයි.
අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්රණයේ දී සිදුවන්නේ බාහිර ආරක්ෂණ ක්‍රියාවලියෙන් විනාශ නොවී ශරීර අභ්‍යන්තරයට ඇතුළුවන ව්‍යාධි ජනකයන්ට එරෙහිව ප්‍රතිරෝධය දක්වා ඒවා විනාශ කිරීමය. මෙම යන්ත්‍රණය සහජ අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්‍රණය ලෙස හැඳින්වේ. ශරීර අභ්‍යන්තරයේ දී මෙය ආකාර දෙකකට සිදු වේ.
1. සෛලම ප්‍රතිරෝධය
2. ශ්රාවම ප්‍රතිරෝධය
සෛලමය ප්‍රතිරෝධය – ශරීර අභ්‍යන්තරයේ ඇති යම් යම් සෛල වර්ග රෝග කාරකයන්ට එරෙහිව සටන් කර ඒවා විනාශ කිරීම සෛලමය ප්‍රතිරෝධය වේ. මෙම සෛල වර්ග දෙකකි.
1. භක්ෂක සෛල
2. වසා ගැටිතිවල ඇති වසා සෛල –
වසා සෛලවලින් සිදුවන්නේ වයිරස, පිළිකා සෛල වැනි ශරීරයට ඇතුළුවන අසාමාන්‍ය සෛල විනාශ කිරීමය.
අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්රණයේ එක් අවස්ථාවක් වන්නේ මෙම සෛලමය ප්‍රතිරෝධය ය.
ශ්රාවමය ප්‍රතිරෝධ -ශරීර අභයන්තරයේ ඇති ශ්රාවමය රසායනික හරහා ඇති කරන ප්‍රතිරෝධය ශ්රාවමය ප්‍රතිරෝධය වේ. උදාහරණ නම් රුධිරයේ පවතින ප්‍රෝටීන වර්ගය. එනම් ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීනය. එම ප්‍රෝටීන වර්ග සක්‍රිය වී රෝග කාරක විනාශ කරයි.
ලබා ගන්නා ප්‍රතිශක්තිය
උත්පත්තියෙන් පසු අප වෙන මොනයම්ම ක්‍රමයකින් ශරීරය තුළ ගොඩනඟා ගන්නා ප්‍රතිශක්තිය ලබා ගන්නා ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ. මෙය එක් එක් රෝගවලට වෙන වෙනම ප්‍රතිදේහ ගොඩනඟා ගැනීමෙන් ඇති කරගන්නා ප්රතිශක්තියකි. ඒ නිසා මෙය විශේෂිත ප්රතිශක්තියකි.
මෙම ලබා ගන්නා ප්‍රතිශක්තිය ලබා ගන්නා ක්‍රම දෙකකි.
1. සක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය
2. අක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය
සක්‍රීයව ලබා ගත් ප්‍රතිශක්තිය
සක්‍රීයව ලබා ගත් ප්‍රතිශක්තිය ලබා ගත හැකි ක්‍රම දෙකකි.. එනම් ස්වභාවිකම ලබා ගත් ප්රතිශක්තියය. රෝගයක් වැලඳුණු විට ශරීරය තුළ එම රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැඟෙයි. එය ස්වභාවිකව ඇතිවන ප්රතිශක්තියකි.
උදාහරණයක් ලෙස සරම්ප, පැපොල වැනි රෝග දැක්විය හැකිය. එම රෝග වරක් වැලඳුන විට යළි වැලඳෙන්නේ නැත. ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය පවතී.
එන්නත්කරණය මඟින් බලය හීන කරන ලද රෝග කාරක ශරීරයට එන්නත් කර එම රෝගයට එරෙහි ප්‍රතිදේශ කෘත්‍රිමව නිර්මාණය කිරීම සක්‍රීයව ලබා ගන්නා ප්‍රතිශක්තිය ශරීරයට ලැබෙන දෙවැනි ක්‍රමයයි.
අක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය
ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමක් මෙහි දී සිදු නොවේ. මෙහිදී සිදු කරන්නේ බාහිරින් ප්‍රතිදේහ නිපදවා එම ප්‍රතිදේශ ශරීරගත කිරීමය. පිටගැස්ම රෝගය වැලඳුණු විට එම රෝගය වළක්වා ගන්නේ පිටින් නිපදවූ ප්‍රතිදේහ ශරීරයට එන්නත් කිරීමෙනි. අක්‍රියව ලබා ගන්නා ප්‍රතිශක්තියේ දී ඒ ඒ රෝගයට අනන්‍ය ප්‍රතිදේහ පිටින් නිෂ්පාදනය කර ශරීරගත කිරීම සිදු කරනු ලබයි.
මවගේ ශරීරයේ යම් යම් රෝග සඳහා ප්‍රතිදේහ නිපදවී තිබුණා නම් ගර්භාෂය තුළ වැඩෙනා දරුවාටත් එම ප්‍රතිශක්තිය ලැබේ. එතනදී කලලය තුළ ප්‍රතිදේහ හැදීමක් සිදුනොවේ. මවගේ ශරීරයේ හැදුණු ප්‍රතිදේහ කලලයට තුළට ඇතුළුවීම සිදුවේ. එයත් අක්‍රියව ලබා ගත් ප්රතිශක්තියකි.
මෙම අක්‍රිය ප්‍රතිශක්තිය සක්‍රිය ප්‍රතිශක්තිය මෙන් ජීවිත කාලයක් පවතින්නේ නැත. එය ඉතාම කෙටි කාලයකින් අඩපණව විනාශ වී යයි.
ඉහත දක්වා ඇත්තේ ප්‍රතිශක්තිය පිළිබඳ දැක්විය හැකි වෛද්‍ය විද්‍යාත්මක සරල සංක්ෂිප්තය වේ.
මෙය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව බැලුවහොත් ආයුර්වේදයේ ඉතාම වැදගත් කොට සලකන්නේ පුද්ගලයාගේ සහජ ප්‍රතිශක්තිය ය. එනම් ආයුර්වේදයේ දැක්වෙන්නේ සහජ ව්‍යාධි ක්ෂමත්වය විශිෂ්ට ලෙස පවත්වා ගැනීමය. සහජයෙන්ම ව්‍යාධි ක්ෂමත්වය විශිෂ්ට ඉහළ දරුවන් පිළිසිඳගන්වා ගන්නා ආකරය සහ දරුවා බිහි වූ පසු ජීවිත කාලය පුරා සහජ ව්‍යාධි ක්ෂමත්වය සක්‍රීය තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා ඉතා වටිනා උපදෙස් ආයුර්වේදයේ පැනේ.
බටහිර වෛද්‍ය විද්‍යාවේ පවුල් සැලසුම් සම්බන්ධ දැනුම ලැබෙන්නේ මෑත කාලයේ දී ය. නමුත් මානව වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට දරුවෙක් මවු කුස තුළ පිළිසිඳවා ගත යුත්තේ සැලසුම් සහගතව බව පෙන්වා දී ඇත්තේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළය. උපදින දරුවා ආයු වර්ණ සැප බල සහ ව්‍යාදි ක්ෂමත්ව සහිත වීමට නම් ඒ සඳහා මවුකුසේ දරුවා පිළිසිඳවා ගත යුතු ආකාරය අෂ්ටාංගික ආයුර්වේදයේ අටවන අංගයවන ව්යාජීකරණ චිකිත්සාවේ ඉතාම විස්තරාත්මකව පෙන්වා දී ඇත.
ව්යාජීකරණ චිකිත්සාවේ පෙන්වා දී තිබෙන උපදෙස් අනුව දරුවෙක් පිළිසිඳවා ගත්හොත් මේ එන්නත්කරණ ව්‍යාපාර නොමැතිව ඉතා ඉහළ ව්‍යාධි ක්ෂමත්වයක් සහිත දරුවෙක් බිහි කරගත හැකිය.
මෙම පිළිවෙත් අතීතයේ අපේ රටේ ජනතාව පිළිපැද ඇති ආකාරය පිළිබඳ සාක්ෂි තිබේ. ඒ තත්ත්ව පිළිබඳ අවධානය යොමු කිරීම කාලීන වශයෙන් ඉතාම වැදගත් කාරණාවක් බව කිව යුතුය.
සහජයෙන්ම උරුම වන ප්‍රතිශක්තිය ප්රශස්ත ලෙස පවත්වා ගැනීම සඳහා යහපත් ජීවන චර්යාවක් ආහාර චර්යා ඉතා වැදගත් බව ආයුර්වේදයේ පෙන්වා දේ. ජීවන චර්යාවන් ලෙස ගතහොත් යෝග අභ්‍යාස පුහුණු කිරීම, ප්‍රාණ යාම, බෞද්ධ භාවනා, පිරිත් දේශනවලට සවන් දීම වැනි අධ්‍යාත්මික අවස්ථා ප්‍රගුණ කිරීමෙන් සහජයෙන් හිමිවන ව්‍යාධි ක්ෂමත්වය වැඩි දියුණු කරගෙන ප්‍රශස්ථ කරගත හැකිය.
එමෙන්ම ආවේගය, ක්‍රෝධය, වෛරය සන්තාපය වැනි මනෝ භාවයන් පාලනය කර ගැනීම, මත්පැන්, මත්ද්‍රව්‍ය දුම් පානය ආදියෙන් වැළකීම, දුරාචාරයෙන් වැළකීම යහපත් ජීවන චර්යා ලෙස ආයුර්වේදයේ පෙන්වා දේ.
අපේ ආහාර චර්යා නිවැරදිව කළමනාකරණය කරගැනීම සහජ ප්‍රතිශක්තිය ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අතිශයින්ම වැදගත් වේ.
කොළකැඳ වර්ග, විශේෂයෙන්ම කරපිංචා, මොනරකුඩුම්බිය, යකි නාරන්, කොක්මොට, හීන් බෝවිටියා හාතාවරිය, ඉරමුසු කැඳ වර්ග සහජ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළින් තබා ගැනීමට වැදගත් වේ.
එමෙන්ම පරීක්ෂණාත්මකවත් ඔප්පු වී ඇති කොත්තමල්ලි, කහ, ඉඟුරු, ගම්මිරිස්, වැනි සියලුම කුළුබඩු වර්ග අපේ සහජ ප්‍රතිශක්තිය උද්දීපනය කිරීමේ හැකියාව ඇත. දේශීය සහල් වර්ගවල මේ ගුණය ප්රශස්ත මට්ටමකට දියුණු කිරීමේ හැකියාව ඇත. වස විස මිශ්‍ර නොවුන දේශීය පලා වර්ග, පලතුරු වර්ග, රසකිඳ, වෙනිවැල්ගැට, කොත්තමල්ලි වැනි පාන වර්ග සුලභව භාවිත කරන්නේ නම් අපේ සහජ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ අගයකින් පවත්වා ගත හැකිය.
පසුගිය වකවානුවේ කොවිඩ් වසංගයත් සමඟ ලෝකයේ බොහෝ රටවල ඇතිවූ උපද්‍රව සහ මරණවලට වඩා ලංකාවේ තත්ත්වය යහපත්ය. ඊට හේතුව තවමත් අපේ රටේ ජනතාව අතර ඉහත දැනුම යම් ප්‍රමාණයකට ඇති බැවිනි. මේ දැනුම නිසි ආකාරයට භාවිත කිරීමට නූතන පරපුර උනන්දු වන්නේ නම් අපේ සහජ ප්‍රතිශක්තිය ඉතාම ඉහළ අගයකින් පවත්වා ගත හැකි බව විශ්වාසය.