මේ දිනවල අධික වර්ෂාවය. වැස්සට නිරාවරණය වීම හේතුවෙන් සෙම කැස්ස උත්සන්න වී සාමාන්‍ය ප්‍රතිකාර විධිවලට සුව නොවන රෝගීන් සඳහා ඉතාම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීම මෙම කෙටි ලිපියේ අරමුණය.
වියළි ඉඟුරු, හීන් අරත්ත අල, තිප්පිලි මුල්, මිට මිට රැගෙන එය මැටි හට්ටියකට දමා හට්ටියකින් වසා තම්බන්න.
එය හොඳින් තැම්බී වාෂ්පය එන විට එම වාෂ්ප මුහුණට ඇල්ලීම කරන්න. දහදිය වැගිරෙන තුරු එම දුම් ඇල්ලීම සුදුසුය. එම දුම් ප්‍රතිකාරයට පෙර සකස් කර ගත යුතු කසායක් තිබේ. එම කසාය සකස් කරගන්නේ මෙසේය.
වියළි ඉඟුරු කොත්තමල්ලි සහ තිප්පිලි කරල් කළං දෙක බැගින් ගන්න. මැටි මුට්ටියකට දමා එයට වතුර පත අටක් එක් කර එම පත අට පත හතරකට සින්දන්න.
ඉන් පසු බැදි හාල් කළං හයක් ගෙන එය පත හතරට සින්දවූ කසායට දමා යළිත් එය එක් පතකට සිඳවා ගන්න.
එම පත දෙකට බෙදා ඊට තිප්පිලි කුඩු තේ හැඳි බාගයක් දමා හොඳට කළවම් කර උදේට බොන්න. ඉතිරි කොටස ඒ ආකාරයෙන්ම හවසට බොන්න.
දුම් ප්‍රතිකාරයත් සමඟ මෙම කසාය දින හතරක් උදේ සවස පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස සෙම රෝග මුළුමනින්ම සුව වී යයි.