Home » ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරුවේ නැන්යැංග් බහුතාක්ෂණික ආයතනය අතර සහයෝගීතාවක්

ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරුවේ නැන්යැංග් බහුතාක්ෂණික ආයතනය අතර සහයෝගීතාවක්

by Mahesh Lakehouse
June 1, 2024 12:30 am 0 comment

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයේ නියැළෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නව දොරටුවක් විවර කරමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) උප කුලපති මහාචාර්ය මහේෂ් එදිරිසිංහ පසුගියදා එරට ,නැන්යැංග් බහු තාක්ෂණ ආයතනය (NYP) නිරීක්ෂණය කළ අතර එම ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී එතර් බේ හමු වී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා නැන්යැංග් බහු තාක්ෂණික ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීමට ඇති හැකියාව මෙහිදී අවධානයට යොමු විය. නිපුණතා පුහුණුව, හැකියා සංවර්ධන වැඩසටහන් ඇතුළු විවිධ අංශ ඔස්සේ එම සහයෝගිතාව ගොඩනඟාගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

නැන්යැංග් බහු තාක්ෂණික ආයතනයේ (NYP) සැලසුම් හා මාධ්‍ය පාසල මෙන්ම ඉංජිනේරු පාසල ද මහකොමසාරිවරයා සහ උපකුලපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) යසන්ත යද්දෙහි, නැන්යැංග් බහු තාක්ෂණික ආයතනයේ ජ්‍යේෂ්ඨ විධායක රෆායෙල් ලී යන නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division