තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනයේ නියැළෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නව දොරටුවක් විවර කරමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) උප කුලපති මහාචාර්ය මහේෂ් එදිරිසිංහ පසුගියදා එරට ,නැන්යැංග් බහු තාක්ෂණ ආයතනය (NYP) නිරීක්ෂණය කළ අතර එම ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී එතර් බේ හමු වී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා නැන්යැංග් බහු තාක්ෂණික ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීමට ඇති හැකියාව මෙහිදී අවධානයට යොමු විය. නිපුණතා පුහුණුව, හැකියා සංවර්ධන වැඩසටහන් ඇතුළු විවිධ අංශ ඔස්සේ එම සහයෝගිතාව ගොඩනඟාගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
නැන්යැංග් බහු තාක්ෂණික ආයතනයේ (NYP) සැලසුම් හා මාධ්‍ය පාසල මෙන්ම ඉංජිනේරු පාසල ද මහකොමසාරිවරයා සහ උපකුලපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) යසන්ත යද්දෙහි, නැන්යැංග් බහු තාක්ෂණික ආයතනයේ ජ්‍යේෂ්ඨ විධායක රෆායෙල් ලී යන නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.