රාජ්‍ය නව මූල්‍ය පනත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නේද?
ඔව්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම රජය සතු මූල්‍ය පරිපාලනය විධිමත් කිරීමටයි එම පනත ඉදිරිපත් කරනු ලැබුවේ.
මූල්‍ය කටයුතු වෙනුවෙන් 1935 වසරේ ආරම්භ කර තියෙනවා රාජ්‍ය මූල්‍ය නියෝග, එදා ඉඳල අපි ඒ නියෝගවලට අනුව කටයුතු කළා. පසුව තමයි වරින්වර ඇති කරගත් ක්‍රම හරහා අපි මුදල් පාලනය කළේ. ඉන් පසුව 1965 වසරේදී ඒවා රෙගුලාසි බවට පත්වුණා. 1992 වසරේදි ඒවත් යම් ලෙසින් සංශෝධනය වුණා.
ඉන් පසුව 2003 වසරේදී අපි ගෙනාවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. කෙසේ වුවත් එම පනත් නිශ්චිත නීතියක් බවට පත් වෙලා තිබුණෙ නෑ. ඒ නිසයි අපේ රටට නීතිමය මූල්‍ය රාමුවක් යටතේ මූල්‍ය පනත්වල අවශ්‍යතාවක් මතුව තිබුණේ. ඒ අනුව තමයි මේ මූල්‍ය පනත් ගෙනාවෙ.
නමුත් මේ පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය සංවිධානවල උපදෙස් අනුව ගෙන ආ පනත් නේද?
අපේ රටේ අවශ්‍යතා අනුව මූල්‍ය විනය හදා ගන්නා ලෙස අන්තර්ජාතික මූල්‍ය සංවිධාන, විශේෂයන්ම අපට මූල්‍ය කටයුතු සම්බන්ධව උපදෙස් ලබා දෙන අය වෙන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන අපට උපදෙස් ලබා දුන්නා; එක් මූල්‍ය පනතක් යටතේ මේ කටයුතු කරන්න කියල. ඒ අද ඊයෙ නෙමෙයි අවුරුදු 20කට පමණ පෙර සිටයි.
ඒ සඳහා අප කටයුතු කරමින් සිටියේ. ඒත් එක්කම මෙරට මූල්‍ය අර්බුදය ඇතිවුණා. එයින් පසුව මේ ගැන විමර්ශනය කිරීමේදී අපට පෙනුණා මේ සිදුවීම්වලට හේතුව අපේ මූල්‍ය ක්‍රමවේදයේ තිබුණු ලිහිල් භාවය කියල. ඕන කෙනකුට අර්ථ දක්වලා වියදම් කරන්න යම් යම් හැකියාව ඒ තුළ තිබුණා. ඒ නිසා මේ පනත් අද ඊයේ හදන්න ගත්ත ඒව නෙමෙයි. නමුත් මම කිව්ව වගේ මූල්‍ය අර්බුදයත් එක් හේතුවක් වුණා මේ පනත් කඩිනම් වෙන්න.
නමුත් අපේ අය – වැය හිඟය, ශේෂය කාලාන්තරයක් තිස්සේ තිබුණා. මේ තත්ත්වයට විසඳුමක් ලෙස කලින්ම මේ පනත් ගෙන එන්න තිබුණා නේද?
අපේ නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 70ක්ම අය වැය හිඟයක් තිබුණේ. අවුරුදු 5ක් පමණයි අය වැඩි වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි මම කලින් කිව්ව වගේ 2013 අවුරුද්දෙ ඉඳල මේ මූල්‍ය පනත් සකස් කිරීම ආරම්භ කරල තියෙන්නේ. 2023 ඒක අවසන් කරල දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒක මූල්‍ය පාලනය අතින් අපට ලැබුණු ලොකු අභියෝගයක්. විශේෂයෙන් ඒක ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණයක්. මොකද ජනතාව තමයි මේ මුදල්වල අයිතිකාරයො. ඒක නිසා එක් එක් අවස්ථාවලට අනුව වෙනස් කළ නොහැකි නීති පද්ධතියක් එනව කියන්නෙ රටේ මූල්‍ය විනය ඉහළින්ම රැකෙනව කියන එකයි.
මේ පනත් හරහා රටේ මූල්‍ය විනය රකින්න පුළුවන් වෙයි කියා ඔබ හිතනවද?
පනතක් කියන්නේ ප්‍රධාන මඟ පෙන්වන්නෙක්. වැරැදි කරන්නට දඬුවම් ලබා දෙන ආකාරයේ වගේම අවභාවිතයට වැට බැඳීමක් එයින් සිදු කෙරෙනවා. ලෝකෙ ඉස්සරහට යන්නෙ නීතිත් එක්කනෙ. මේ ලෝකෙ නීති නොතිබුණා නම් අපි තවමත් ගල් යුගයෙනෙ.
නමුත් ඕනම නීතියක, පනතක හිල් තියෙනව නේද? මේ පනත්වල හිල් නැහැ කියල ඔබ හිතනවද?
මේ පනත් හදල තියෙන්නෙ විශාල කාලයක් වැය කරල, අන්තර්ජාතික මූල්‍ය ආයතනවල මඟ පෙන්වීම් යටතේ. ඒ නිසා අවභාවිතයට තියෙන ඉඩ කඩ අහුරල තියෙන්නෙ. නමුත් ඉතින් කාලයක් යනකොට සිදුරු හැදෙන්න පුළුවන්. ඒ අවස්ථා වන විට අපට යළිත් ඒ පනත් යාවත්කාලීන කරන්න වෙනව.
මේ පනත් හරහා මූල්‍ය පාලනය කෙසේ විය යුතු ද යන්න ඉතා පැහැදිලියි. උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා නම් එකිනෙකා අතර ඇති වගකීම් ගැන හොඳින් දැක්වෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම් මොනවාද? ඔහු පවරන වගකීම් සෙසු නිලධාරීන්ට ලබාදීමේදී ඇතිවන, ඇති විය යුතු වගකීම් මොනවාද යන්න ඉතා පැහැදිලිව තියෙනවා. කිසිවකුට වගකීම්වලින් මිදිය නොහැකි ලෙසින් පෙන්වා දී තිබෙනවා.
මේ පනත් වගකීම් ලබා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බව කිව්වොත්?
ඇත්තෙන්ම කොන්දේසි කියන වචනය අපට ගැළපෙන්නෙ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අප අතර ඇත්තේ එකඟතා පමණයි. අපි වසර 2000දිත් මේ ගැන කතා කළා, 2013දිත් කතා කළා. අපට වැරදුණේ කොතනද? ඇයි වැරදුණේ කියල අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නා. ඒ නිසා ඒකායන මූල්‍ය නීතියක් ඇති කරන්න ඔවුන් අපට මඟ පෙන්වා දුන්නා. ඒ අනුව තමයි අපි ඔවුන්ගේ නිර්දේශ හා එකඟතා අනුව කටයුතු කළේ. ඒ එකඟතා මේ කටයුතු ඉක්මන් කළා.
රාජ්‍ය මුදල් අනාර්ථික මෙන්ම කිසිදු විනයකින් තොරව භාවිත කළ බවට සමාජයෙන් මෙන්ම දේශපාලන වේදිකාවලත් නිතර කතා වෙනවා.
එවැනි කටයුතු මේ නව පනත් හරහා සම්පූර්ණයෙන්ම වැළකී යනවා. විශේෂයෙන්ම කෝටි ගණන් වැය කෙරෙන ව්‍යාපෘති ඉදිරියේදී දැඩි සොයා බැලීමකට විමර්ශනයකට ලක් වෙනවා.
ඒ කියන්නෙ විමර්ශන මණ්ඩලයක් නැත්නම් විශේෂ ව්‍යාපෘති කමිටුවක් වැනි ව්‍යුහයක් එනවද?
මුදල් ඇමැතිට බලතල තියෙනවා; නමුත් සුවිශේෂී ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම ඔබ පැවසුවා සේ කමිටුවක් හරහා සිදු වෙනවා. ඒ කමිටුවේ අනුමැතියෙන් තොරව කිසිවකට වැය කරන්න බැහැ. ඒ කමිටුවේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ විවිධ අංශවලින් සැදුම්ලත් විශේෂඥයන් ඉන්නවා. ඒ හරහා දැඩි මූල්‍ය විනයකින් තමයි මේ කටයුතු සිදු කෙරෙන්නේ.
මේ පනත් සඳහා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ගේ එකඟතාව හිමි වෙයිද? ඔවුන්ගේ ප්‍රතිචාර දැනට කෙබඳුද?
පනත්වලට එරෙහිව අවශ්‍ය නම් අධිකරණයට යන්න වුණත් පුළුවන්. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විවාද කෙරෙනවා. මේ පනත්වලට පක්ෂ විපක්ෂ භේදයක් තියෙන්න බැහැ. රටේ මූල්‍ය විනය පවත්වා ගන්න සියලු මැති ඇමැතිවරුන් එකඟතාවෙන් යුතුව කටයුතු කළ යුතුයි.
විපක්ෂයේ සහාය මේ සඳහා ලැබෙයි කියා සිතනවද?
විපක්ෂයෙ බොහෝ දේවල්වලට විරුද්ධ වෙන අය ඉන්නවනෙ; ඒක නිසා ඒ අයගෙ ක්‍රියාවන් ගැන පුදුම වෙන්නෙ නැහැ. දැන් බලන්න අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් ලබා දුන්නා. ඒකට කියපු කතාවල්. එක පැත්තකින් ඒ සහනය දුන්නෙ අඩු ආදායම්ලාභීන්ට කඩිනම් විසඳුමක් ලෙස. ඒ වගේම වී ගොවියාටත් කඩිනම් සහනයක් ලබාදීමේ අරමුණින්. මේව ආණ්ඩුව ඡන්දෙ වෙනුවෙන් ගත්ත තීරණ නෙමෙයි. ඒත් විපක්ෂයේ අය කියන කතා බලන්න. එක පැත්තකින් බදු අඩු කරනවා කියනවා, අනෙක් පැත්තෙන් පඩි වැඩි කරනවා කියනවා. මේ දෙක අහසයි පොළොවයි වගේ.
මහ බැංකුව ස්වාධීන කිරීමත් මේ පනත් හා සම්බන්ධයි නේද? විශේෂයෙන්ම ණය කළමනාකරණ පනත හරහා..
මහ බැංකුව ස්වාධීන කිරීම ගැන කාලයක් තිස්සේ සාකච්ඡා වුණා. දැන් මේ වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන ඒ දිහා එක කෝණයකින් පමණක් බලනවා. මහ බැංකුව ස්වාධීන කිරීමෙන් රජයට අවශ්‍ය පරිදිම මහ බැංකුව කටයුතු කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට නියම කරන්න රජයට හැකියාවක් නැහැ. පසුගිය කාලයේ ට්‍රිලියන 3ක් මුද්‍රණය කළා.
මහ බැංකුව ස්වාධීන වුවත් පාර්ලිමේන්තුවට මහ බැංකුව වග කිව යුතු වෙනවා. උදාහරණයක් ලෙස ඔය වැටුප් ප්‍රශ්නය මතු කරපු වෙලාවෙ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට කැඳවීමට, මුදල් කාරක සභාවට කැඳවීමට කටයුතු කළා. ඒ වගේම එම වැටුප් වැඩි කිරීම දැන් නැවතිලා තියෙන්නෙ. ඒකෙන් පේනවා ස්වාධීන වුණා කියල මහ බැංකුවත් යම් නියාමනයන්ට යටත් වෙලා තියෙන බව.
රටේ මූල්‍ය විනය රකින්න කියල ගෙනාවත් මේ පනත් යළිත් වෙනස් කිරීමේ හැකියාව තියෙනවනෙ..
ඔව් ඒක සාමාන්‍ය දෙයක්නෙ. සමහර පනත් සරල බහුතරයකින් වෙනස් කරන්න පුළුවන්. තවත් සමහර ඒවා වෙනස් කරන්න වෙන්නේ 2/3 බලයකින්. රටේ උත්තරීතරම පනත වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරන්න පුළුවන් එකේ ඒක සාමාන්‍ය දෙයක්.
නමුත් රටේ මූල්‍ය විනය රකින්න ස්ථාපිත කරන සම්මත කරන පනත් එහෙම වෙනස් කිරීම සුදුසුයි කියා ඔබ සිතනවද?
ඒ පනත් අද හෙට නෙමෙයි කාලයක් යනකොට වෙනස් කිරීම් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට 1935 වකවානුවේ විදත් ගනුදෙනු කියල දෙයක් ගැන අපි හීනෙන්වත් අහල තිබුණෙ නෑනෙ. නමුත් දැන් ඒ වගේ මූල්‍ය ගනුදෙනු ගැන ඇතුළත් විය යුතුයි. කාලෙන් කාලෙට පනත් සංශෝධනය විය යුතුයි. පනත් යාවත්කාලීන විය යුතුයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ අවස්ථාවේවත් සහනයක් ලැබෙන එකක් නැද්ද?
වැඩිහිටියන්ට 15% පොලියක් ලබා දෙන්න වාර්ෂිකව බිලියන 90ක් විතර යනවා. එහෙම කියල ඒක නොසලකා හැරල නැහැ. අත්‍යවශ්‍යම සැබෑ අය කවුරුන්ද කියන එක සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිතුමා ඉල්ලල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කෙරෙයි.