Home » ජනතා සහභාගිත්වයෙන් ඒකාලෝක වූ ප්‍රථම ඩිජිටල් තොරණ AIA වෙතින්

ජනතා සහභාගිත්වයෙන් ඒකාලෝක වූ ප්‍රථම ඩිජිටල් තොරණ AIA වෙතින්

by gayan
June 8, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙවර වෙසක් මංගල්‍යයට සමගාමීව දියත් කරන ලද ‘පියවර පූජා’ වැඩසටහන සාර්ථකව නිම කරන ලද අතර, ජනතා සහභාගිත්වයෙන් ඒකාලෝකමත් කරන ලද ප්‍රථම ඩිජිටල් තොරණ පසු ගිය මැයි මස 23 සහ 24 කොළඹ වෙසක් කලාපය තුළදී ප්‍රදර්ශනය කෙරිණි.

සම්ප්‍රදාය සමඟ නව තාක්ෂණය මුසුකොට නිමවා තිබූ මෙම නව්‍ය වූ ඩිජිටල් තොරණ ආලෝකමත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබූ අතර, එහිදී සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම පිළිබඳ ප්‍රතිඥාවක්ද ලබා දෙමින් ඔවුන් ඊට සහභාගි වීම විශේෂත්වයකි.

මේ සඳහා 2000කට අධික පිරිසක් සහභාගි වූ අතර සුවතාව වෙනුවෙන් සතියකට අවම කි.මී. 8ක් ඇවිදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබිණි. එම සෑම ප්‍රතිඥාවක් සඳහාම AIA වෙතින් පරිත්‍යාගයක් HelpAge ලංකා වෙත බැර වන බැවින් එමඟින් උතුම් පුණ්‍යකර්මයකටද දායක වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division