දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන කොමර්ෂල් බැංකුවේ, ‘ට්‍රේඩ් ක්ලබ්’ (Trade Club) විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදි. ආනයන හා අපනයන ක්ෂේත්රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවිය.
“ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව යටතේ මරීනෝ බීච් හෝටල් පරිශ්‍රයේදී මෙය පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජික මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතාගේ දැනුම හා අත්දැකීම් පැමිණි පිරිසට මහත් ප්‍රතිලාභයක් වූ අතර වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ නලින්ද විජේරත්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තු කොමසාරිස් ප්‍රදීප් සිල්වා හා ඩීසල් හා මෝටර් ඉංජිනේරු සමාගමේ (ඩීමෝ) විධායක අධ්යක්ෂ/ ප්‍රධාන මූල්‍ය නිලධාරි සුරේෂ් ගුණරත්න සම්පත් දායකයින් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.