Home » NDB බැංකුවෙන් දේශගුණික විපර්යාස සමුළුවට සම අනුග්‍රාහකත්වය

NDB බැංකුවෙන් දේශගුණික විපර්යාස සමුළුවට සම අනුග්‍රාහකත්වය

by gayan
June 8, 2024 12:30 am 0 comment

‘දේශීය සහ ගෝලීය වශයෙන් අප මුහුණ දෙන දේශගුණික විපර්යාසවලට මුහුණ දීම’ (Climate Action for our Nation and the Planet) යන මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ පළමුවන ලාංකික සමුළුවට සම අනුග්‍රාහකත්වය දක්වමින් NDB බැංකුව තිරසර සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ට තිබෙන අනාගතය පිළිබඳ දැක්ම සහ කැපවීම මනාව පිළිබිඹු කරයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් දේශීය හා ගෝලීය බලපෑම්, ව්‍යාපාර සඳහා ඇති අවදානම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව, කාබන්ඩයොක්සයිඩ් අඩු කිරීමේ ක්‍රියාවලිය, දේශගුණික යුක්තිය සහ සාධාරණත්වය වැනි ඉතා වැදගත් මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින් දේශීය සහ විදේශීය විද්වතුන් ඇතුළු කථිකයන් 60ට අධික පිරිසක් මෙම සමුළුව සඳහා සිය දායකත්වය සපයා ඇත.

මෙයට සහභාගි වීම තුළින් දේශගුණික ක්‍රියාකාරකම් සැලසුම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවී සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමටද NDB බැංකුවට අවස්ථාව හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division