මෙවර වෙසක් මාසයේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ සිහිනයක්ව පැවති ආරක්ෂිත මෙන්ම පිරිසුදු පානීය ජලය ලබා ගැනීමට අවශ්‍ය ප්රතිආශ්රැතිකරණ ජල පෙරණයක් ලබා දීමට කටයුතු කළේය.
කිඹුල්පැටියාව ගම්මානයේ පවුල් 300ක්, ආසන්න වශයෙන් ගම්වැසියන් 1500ක් මෙන්ම එහි ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් 75කට, යම් දිනක පිරිසුදු පානීය ජලය ලබා ගැනීම කාලාන්තරයක් පැවති සිහිනයක් විය.
මේ පිළිබඳ AIA ඉන්ෂුවරන්ස් ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය කියා සිටියේ, “අපගේ අරමුණ වූයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ඒ ඔස්සේ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නැංවීමටත්, මෙවර වෙසක් උත්සවය ගෞරවාන්විතව මෙන්ම සතුටෙන් සැමරීමට ඔවුන්ට සහාය වීමටයි. මෙම කර්තව්‍ය සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟා කර ගැනීමට ජනතාවට සහාය වීම යන AIA සන්නාම ප්‍රතිඥාවට අනුව මනාව ගැළපෙන බවයි මා සිතන්නේ…” යනුවෙනි.