මෙරට නවක ව්‍යාපාර දිරි ගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර අාරම්භ කිරීමට හේමාස් සහ Hatch සමාගම් පසුගියදා කටයුතු කරන ලදි. 2023 වසරේ දී සංවිධානය කළ මෙම වැඩසටහනේ පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, එයින් නොනැවතී මෙවරත් නවක ව්‍යාපාර 25කට අත්වැල වීමට සහ ඒ අතුරින් තෝරාගත් නවක ව්‍යාපාර 8ක් සඳහා මඟ පෙන්වීම ලබා දීමට හේමාස් සහ Hatch සමාගම් අපේක්ෂා කරයි.
එම උපදේශන වැඩසටහන් Hatch සමාගම විසින් මෙහෙයවන ලද අතර, අධ්‍යාපනික- තාක්ෂණය, පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සත්කාර සහ සැපයුම් යන ක්ෂේත්රවලට අයත් නවක ව්‍යාපාර 25ක් සවිබල ගන්වමින් හා නවෝත්පාදනය දිරි ගන්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට තවදුරටත් දායක වීමට මෙම වසර තුළදීත් හේමාස් සහ Hatch සමාගම් අපේක්ෂා කරයි.