Home » තීව්‍රතා අංකයට අනුව ඔබේ ජීවන තොරතුරු

තීව්‍රතා අංකයට අනුව ඔබේ ජීවන තොරතුරු

මෙවර තීව්‍රතා අංක 1 හිමියෝ

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

– තීව්‍රතා අංක 1, 3 – 4 වතාවක් ඔබේ නමට යෙදී ඇත්නම් ඔබ ආත්ම විශ්වාසයෙන් යුක්තයි
– නමට අංක 1 එක වතාවක් නම්තරමක් ආත්ම විශ්වාසය අඩුයි
– අංක 1 වතා 5කට වඩා යෙදී ඇති අය නම්‍යශීලී නොවේ

අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලට අනුව බොහෝ කාරණාවන් පිළිබඳ හඳුනාගැනීමට හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලින් හඳුනාගන්නා තීව්‍රතා අංකය අනුව චරිතය පිළිබඳ සියුම් විග්‍රහයන් කළ හැකිවෙයි.

නමක අකුරුවලට යෙදෙන අංකවලින් යම් අංකයක් වැඩි වාර ගණනක් නැවත නැවත යෙදීම මත මෙම විග්‍රහය සිදුකරනු ලබයි. ඔබේ නමට අදාළ තීව්‍රතා අංකය සොයා ගැනීම සඳහා පළමුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් කොළේක ලියා ගන්න. ඉන්පසු පහත සටහනේ ආකාරයට ඔබේ නමේ ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංක ටික සටහන් කර ගන්න.

1, 2, 3, 4, 5, 6, 7, 8, 9

A, B, C, D, E, F, G, H, I,

j, K, L, M, N, O, P, Q, R

S, T, U, V, W, X, Y, Z.

මෙම උදාහරණයෙන්

එය පහසුවෙන් තේරුම් ගනිමු.

SAMAN KUMRA

1 1 4 1 5 2 3 4 9 1

මේ අනුව අංක 1 හතරවතාවකුත් අංක 4 දෙවතාවකුත් අනෙකුත් අංක එක වතාව බැගිනුත් යෙදී ඇති බව පෙනේ. මේ අනුව එම අංක යෙදී ඇති වාර ගණන අනුව ඇති කරන චරිත ලක්ෂණ හා පලාඵල කොයිවගේද කියන එක පැහැදිලි කර ගැනීමට හැකියාව ඇත. මෙහිදී මුලින්ම අංක එක යෙදෙන වාර ගණන අනුව ඇතිකරන පලාඵල කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

ඔබේ නමට අදාළ අංක සටහන් කිරීමේදී අංක එක පස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් යෙදී පවතී නම් ඔබ ඉතා අහංකාර තරමක් දඩබ්බර හිතුවක්කාර ගති ඇති කරන අතර නම්‍යශීලී ගතිය ඔබ තුළින් අඩුකරයි. අන් අයගේ වැඩිහිටියන්ගේ අවවාද උපදෙස් එතරම් ගණනකට ගන්නේ නැත. තමා කරන කියන දේ නිවැරදි යැයි නිතරම සිතයි. සෑම තැනකම තමා මූලික විය යුතු බව නිතරම සිතෙයි. අන් අය තමාට යටත්ව කටයුතු කළ යුතු බව තමාට හැඟෙයි. නමුත් ආත්ම විශ්වාසය සහ උත්සාහය උනන්දුව ඉතා ඉහළ මට්ටමක පවතී.කිසිවිටෙකත් පරාජය වීමට කැමති නැත.

සෑම තැනකදීම සෑම විටම උත්සාහයෙන් ඉදිරියටම යාමට උත්සාහ කරන ස්වභාවය ඇති කරයි. කොහොම වුණත් තම පෞද්ගලික දියුණුවට මෙය ඉතා යහපත් වන නමුත් ආත්මාර්ථකාමී ගති ලක්ෂණ ඇති කරයි.

අංක එක තුන් වතාවක් හෝ හතර වතාවක් යෙදේ නම් තමා මූලික කොට සෑම දෙයක් පිළිබඳවම සිතන ස්වභාවය ඇතිකරයි. තරමක් අන්තවාදී සිතිවිලි සහ ක්‍රියා ඇති කළත් අවසානයේ මධ්‍යස්ථ මට්ටමකට පැමිණීමට සිතයි. තමන් පිළිබඳව යම් අධිතක්සේරුවක් තිබුණත් නම්‍යශීලී ස්වභාවය ඒ ආකාරයෙන් පවත්වා ගනී. ඒ නිසා අන් අයගේ වැඩිහිටියන්ගේ අවවාද උපදෙස් පිළිගැනීමට සමත්වෙයි. ආත්ම විශ්වාසයෙන් යුක්ත පුද්ගලයෙක් වෙයි. ප්‍රායෝගිකව කිරීමට පුළුවන් දේවල් ගැන පමණක් සිතයි. තමාට හිමි නොවන දේවල් සහ කිරීමට නොහැකි දේ ගැන සිතා දුක් නොවෙයි. මොවුන් බොහෝ විට සෑම දෙයක්ම සිද්ධ වන්නේ තමාගේ වරදින් නොව අන් අයගේ හෝ සමාජයේ වරදින් බව සිතයි. සමහර අවස්ථාවල සියල්ල නිහඬව දරාගෙන පැත්තකට වී නිහඬව බලා සිටී.

අංක එක එක් වතාවක් හෝ දෙවතාවක් යෙදේ නම් තරමක් ආත්ම විශ්වාසය අඩු පුද්ගලයෙක් බවට පත්වෙයි. තමාට තමා ගැන එතරම් ලොකු විශ්වාසයක් නැත. ස්වාධීනව තනි තීරණයක් ගැනීමේදී බොහෝ කල්පනා කරයි. සමහර විට තනි තීරණ ගැනීමට යම් බියක් දක්වයි. අනාගතය පිළිබඳ යම් අවිනිශ්චිතතාවයක් ඇතිකරයි. මොවුන් බොහෝවිට සමාජශීලී ගති ලක්ෂණ පෙන්වයි අන් අයගේ සහයෝගයෙන් යුතුව කටයුතු කරයි. තනිව කටයුතු කරනවට වඩා සාමුහික වශයෙන් අන් අය සමඟ එකට කටයුතු කිරීමට කැමැති වෙයි. බොහෝ මිතුරන් මොවුන්ට සිටියි. සමාජ සේවයට ළැදි පුද්ගලයන් වෙයි. අන් අයට උදව් උපකාර කිරීමට පෙළඹෙයි. බොහෝ විට මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට පහසුවෙන් සමත් වෙයි. තමාගේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය කටයුතු කෙසේ හෝ කරගනියි.

අංක එක එක් වතාවක් හෝ නොයෙදේ නම් ආත්ම විශ්වාසය ඉතාම අඩු පුද්ගලයෙක් බවට පත්වෙයි. මොවුන්ට කිසිම තීරණයක් තනියම ගැනීමට නොහැකිය. බයාදු ගති ඇති ඇති කරයි. අන් අය හමුවේ ඕනවට වඩා හිස පාත් කරයි. තමා අත වරදක් නැතත් තව කෙනෙක්ගේ බලපෑමට බියේ සමහරවිට වරද පිළිගනී. තනිව ජීවත්වීමට කැමති නැත. අන් අයට ඕන ආකාරයට මොවුන් නම්මවා ගැනීමට හැකියාව ඇත. ස්ථිර අධිෂ්ඨානයකින් ක්‍රියා කිරීමට අපොහොසත් වෙයි. හෙට දවස පිළිබඳ ලොකු සැලසුමක් නැත. එන විදිහට මුහුණ දෙයි. නමුත් සමාජයේ මිනිස්සුන්ට නම් ඉතා හොඳ පුද්ගලයෙක් ලෙස පෙනෙයි. ඒ මිනිස්සුන්ට ඕන ආකාරයට කටයුතු කරන නිසායි. මොවුන් මොවුන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගැනීමට සමත්වෙයි. මොවුන් සමාජය තුළ හිත හොඳ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධ වෙයි. මොවුන්ගෙන් සමාජයට හෝ කිසිවෙකුට කරදරයක් නැත. නමුත් නිදහස අඩු පුද්ගලයන් බවට පත්වෙයි. මොවුන් තම දුර්ලතා හඳුනාගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව ස්වාධීනව තීරණ ගෙන කටයුතු කිරීමට සමත් වේ නම් ඉතා සාර්ථක පුද්ගලයින් බවට පත්විය හැකිය.

තීව්‍රතා අංක දෙක පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න..

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division