Home » ගැස්ට්‍රයිටිස් – අජීර්ණ ටක්කෙටම සුව කරන බෙහෙත මෙන්න…

ගැස්ට්‍රයිටිස් – අජීර්ණ ටක්කෙටම සුව කරන බෙහෙත මෙන්න…

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

පාන්පිටි සහ තෙල් බහුල ආහාර රටාවකට හුරු වීමෙන් ආහාර අජීර්ණය හා අම්ල පිත්තය වැනි රෝගී තත්ත්ව මතු විය හැකිය. රසකාරක දමා හදන කොත්තු වැනි ආහාර නිතර අනුභවය ඉතාම අහිතකරය. අද වනවිට මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගලවා ගත්ත ද මේ ආහාර පුරුදුවලින් සමාජය ගලවා ගැනීම අභියෝගයක් වී ඇති ආකාරය වෛද්‍යවරු ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු.

දිවට රස වුවද බඩ ලෙඩ කරන ආහාර අනුභවයෙන් වැළකෙන්නේ නම් ආහාර අජීර්ණය, අම්ලපිත්තය වැනි රෝග වැලඳෙන ප්‍රධාන හේතුවලින් මිදීමට හැකිය.

ප්‍රතිකර්ම

දරුවන්ට සේම වැඩිහිටි අයට ද මෙම රෝගී තත්ත්වයෙන් සහමුලින්ම මිදීමට මෙම කසාය භාවිත කළ හැකිය.

සිවිය මුල්, වියළි ඉඟුරු, මඟුල් කරඳ මුලේ පොතු, කොත්තමල්ලි යන සියල්ලෙන් වර්ගයකින් කලං තුන බැගින් ගෙන වතුර පත අටක් දමා එක පතකට හිඳුවා එයට සහිඳ ලුණු කලං භාගයක්, පෙරුම් කායම් කුඩු කලං භාගයක් දමා පත භාගයක් උදේට බීමට ගන්න.

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීරප්පෙරුම

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීරප්පෙරුම

ඉන් පසු ලුණු අඩුවෙන් දැමූ කැඳ බොන්න, සවසට එම කසායට සහිඳ ලුණු සහ පෙරුම් කායම් නොදමා ඉතිරි පත භාගය පානය කළ යුතුය.

දින හයක් අටක් පමණ බොන විට උදරයේ ඇතුළත තුවාල සුව වනු ඇත.

මෙම කසාය බොන කාලය ඇතුළත පාන් පිටි කෑම, කුකුළු මස්, තෙල් බැදුම් උෂ්ණාධික ආහාර, පැණි බීම වර්ගවලින් වැළකී සිටීම සුදුසුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division