Home » අක්මාව ලෙඩ කරන කාමලාව

අක්මාව ලෙඩ කරන කාමලාව

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ක්මාව සහ පිත්තාශය, නොඑසේ නම් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ගත්කල කාමලාව හෙවත් සෙංගමාලය භයානක අතුරුපල සහිත රෝගයකි.

මෙම රෝගයේදී විශේෂයෙන්ම ආසාදනයට ලක් වන්නේ අක්මාවය. පිත්තාශය, පිත්ත නාල අවහිර වීම නිසා ශරීරයේ ස්වභාවය වෙනස් වේ. ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ. එසේ වන්නේ පිත්ත නාල අවහිර වීමෙන් පිත ආහාර මාර්ගයට ඇතුළු නොවී වෙනත් මාර්ගවලින් රුධිරයට හා දේහයේ වෙනත් පැතිවලට එකතු වීමෙනි. කෑම අරුචිය ඇති වේ. මලපහවල ඇතිවන වෙනස්කම් හා මලවල ස්වභාවය සුදුමැලි වර්ණයක් ගනී.

එහිදී උණ, ඇඟපත වේදනාව, සන්ධි බන්ධන බුරුල් වීම වැනි ලක්ෂණ දැකිය හැකිය. මෙවැනි තත්ත්වය තුළ හෙපටයිටිස් A B C යනුවෙන් කාණ්ඩවන රෝග අක්මාව ආශ්‍රිතව ඇතිවිය හැකිය. වර්ෂාව සමඟ එන අපිරිසිදු ජලය සමඟ එසේත් නැති නම් දිගු වියළි කාලගුණයකින් පසු ඇතිවන වර්ෂාව සමඟ මෙවැනි රෝග පැතිරෙන්න පටන් ගනී.

මෙවැනි රෝගී තත්ත්වයකදී අක්මාව තව තවත් අකර්මන්‍ය නොවී තබා ගැනීමට සැලකිලිමත් විය යුතුය. මෙවැනි රෝගීන් ප්‍රෝටීන් සහිත ආහාර ගත් විට එහි තිබෙන සංඝටක සරලව කිව්වොත් බර ජීර්ණය කර ගැනීමට ආහාර ජීර්ණ පද්ධතිය අපොහොසත් වේ. මේ කාලයේ දී බොහෝ විට ගත යුත්තේ අක්මාවට අවශ්‍ය ඖෂධ සහ ඉතා සැහැල්ලු ආහාර පමණි. මස්, මාළු, කිරි, බිත්තර ආදී බර ආහාර නොගත යුතුය. දැඩි වෙහෙසක් ගන්වා රස කොටස් බිඳ හෙළන්නට වෑයම් කිරීම අක්මාව තවත් විඩාවට පත් වන්නේය.

මෙවැනි රෝග වැලඳුණු විට පුරාණයේ ගම්වල බොහෝ විට ඒ ඒ පළාතට ආවේණික වූ කොළ වර්ගවලින් ඖෂධීය කැඳවර්ග සාදා ගැනීමේ ඥානය අපේ ගැමියන්ට තිබිණි. හීන් බෝවිටියා, යකි නාරං, මුත්තැම්බ, කෝං කොළ වැනි කොළ වර්ගවලින් සාදා ගත් කැඳ රෝගියාට ලබා දුන්නේය. මේ රෝගීන් වෙනුවෙන් ඖෂධීය කැඳ හදනවිට බොහෝ විට පොල් කිරි හෝ ලුණු භාවිත කළේ නැත. කැඳ සෑදීමට හීනටි සහල්, කළු හීනටි, පාවිච්චි කළහ.

දේශීය වෙදකමේදී සෙංගමාලය ලෙසත් ආයුර්වේදයේදී කාමලාව ලෙසත් හඳුනා ගන්නා මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර කරන විට ආයුර්වේදයේ දී එය පුළුල් චිකිත්සාවක් ලෙස සිදු කරනු ලබයි.

ආයු­ර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

ආයු­ර්වේද වෛද්‍ය
පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

ආයුර්වේදයේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී විශේෂයෙන්ම වැදගත්කොට සලකන්නේ රෝගී පුද්ගලයාට අවශ්‍ය කායික මානසික නිදහසය. අනතුරුව රෝගියාට දෙන ආහාර සම්බන්ධව විශේෂයෙන් සැළකිලිමත් වේ. උෂ්ණාධික ආහාර ද නොදිය යුතුය. සෙංගමාල තත්ත්වයේ දී උෂ්ණාධික ආහාර අපත්‍ය ආහාර ලෙස හඳුන්වයි.

මෙම රෝගවලදී දැඩි අවධානය ඖෂධවලට පමණක් නොව එදිනෙදා ජීවන රටාව පිළිබඳ ද විශේෂ අවධානය යොමු කළ යුතුය. එසේ නොවුනහොත් රෝග තත්ත්වය සංකීර්ණ විය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division