ශ්‍රී ලංකාව තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇති කිරීමේ අරමුණින් රජය විසින් ආර්ථික පරිවර්තනය සඳහා ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ගැසට් නිවේදනය පසුගිය මැයි 10 වැනි දා නිකුත් කරනු ලැබීය. මේ තුළින් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන කරුණ වන්නේ රට තුළ ආයතන ව්‍යුහයක් ගොඩනැඟීමයි. ඒ තුළ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප නමින් ආයතන පද්ධතියක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් ඇති කිරීම, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම ආදී ලෙසින් ආයතන පහක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත.
* මෙම ආයතන පද්ධතිය නිර්මාණය කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැලඳුම් හා නිවාස ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයක් ඇති කිරීම විවේකය හා සාමාජීය හා සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන්ට හිමිකර දීම ප්‍රථම අරමුණයි.
* රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් තුළින් එකී ආර්ථික ක්‍රියාකාරකම් රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධියේ සඳහා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් හා පාලනය නීතියෙන් නියම කිරීම තුළින් මුළු රටේම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහාත් අනාගතයේදී ආර්ථික අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහාත් මේ මඟින් අරමුණු කොට ඇත.
* 2032 වර්ෂය වන විට සහ ඉන් පසුව දළ දේශීය නිෂ්පාදනයට රාජ්‍ය ණය දක්වන අනුපාතය 95% කට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමත්, දළ දේශීය නිෂ්පාදනයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික දළ මුදල් සැපයීමේ අවශ්‍යතා අනුපාතය2032 වර්ෂය වන විටත් ඉන් පසුවත් 13%ක් හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීමත් රජයේ ඉලක්ක කොට තිබේ.
* දළ දේශීය නිෂ්පාදනයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික ණය සේවාකරණ අනුපාතිකය 2027 වර්ෂය වන විට සහ ඉන්පසු 4.5%ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමත් මේ තුළින් මූලිකවම අපේක්ෂා කරයි. ඒ සමඟම 2050 වන විට රටේ පාරිසරික ගැටලුව වන කාබන් විමෝචනය බින්දුවේ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ තුළ සඳහන් කොට ඇත.
* ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම තුළින් ආර්ථික වර්ධනය ස්ථාපනය කර ගැනීමටත්, ස්ථාවර සාර්ව ආර්ථික තුලනයක් හා තිරසර ණය අරමුණු ඉටුකර ගැනීමටත් ගොවීන්ගේ ඵලදායිතාව හා ආදායම හා කෘෂිකාර්මික අපනයන ඉහළ නංවා ගැනීමටත් ඌණ ආර්ථික වර්ධනය හා සමාජ ප්‍රගතිය ළඟා කර ගැනීමටත් මෙම ආයතන පිහිටුවීම තුළින් බලාපොරොත්තු වන බව සඳහන් කොට ඇත.
* මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ආර්ථිකයේ තරගකාරීත්වයක් වර්ධනය කිරීම, අපනයන වර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්තනය කිරීම වැනි අරමුණු රාශියක් මෙම පනත තුළින් දැකගත හැකිය.
* ගෙවීම් ශේෂයෙහි ජංගම ගිණුමේ හිඟය වාර්ෂිකව දළ දේශිය නිෂ්පාදිතයෙන් 1% ක් නොඉක්මවිය යුතුය.
* 2025 වර්ෂයේ සිට විරැකියාව, ශ්‍රම බළකායෙන් 5% කට වඩා අඩු මට්ටමට ළඟ වීම. සේවා වියුක්තිය සැලකිය යුතු ලෙස අනාගතයේ අඩුකර ගැනීම කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය 2030 වන විට 40% නොඅඩු මට්ටමක පවත්වාගෙන යෑම සඳහාත් 2040 වන විට 50% වැඩි මට්ටමක පවත්වාගෙන යෑම සඳහාත් ක්‍රියා කෙරෙයි.
* දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස භාණ්ඩ හා සේවා අපනයනය 2025 වන විට 25% මට්ටමක පවත්වාගෙන යෑමටත් 2030 වන විට 40% කට නොඅඩු මට්ටමක පවත්වාගෙන යෑමටත් 2040 වන විට එය 60% මට්ටමක පවත්වාගෙන යෑමටත් අපේක්ෂා කෙරෙයි.
* දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ශුද්ධ ඍජු විදේශ ආයෝජන 2030 වන විට 5%කට නොඅඩු මට්ටමකට ළඟා කර ගැනීමත් 2030 වනවිට ශුද්ධ සෘජු විදේශ ආයෝජනවලින් අවම වශයෙන් 40% ක් වත් භාණ්ඩ අපනයන හා සේවා අපනයනය මත ළඟා කර ගැනීමට කටයුතු කරන බවත් වෙයි.
* 2032 වර්ෂය දක්වා ආණ්ඩුවේ අයවැයේ ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක මට්ටමකට සහ 2023 වර්ෂයේ සිට ඉදිරියට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 2% ක මට්ටමකට ළඟා වීම
* ලංකාවේ ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ගිණුම යම් ආකාරයකින් ධනාත්මක තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියා කරන බවත් විශේෂයෙන් 2027 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% මට්ටමකට ළඟා කර ගැනීමටත් බහුමාන දරිද්‍රතා අනුපාතිකය 2027 වන විට 15% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමටත් 2035 වන විට එය 10% වඩා අඩු මට්ටමකට ගෙන ඒම සඳහා සඳහාත් මේ තුළින් රජය අපේක්ෂා කරයි.
* රට තුළ ක්‍රියාත්මක වූ ආර්ථික කොමිෂන් සභාව වෙනුවට ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව යනුවෙන් වෙනස් කොට එයට අදාළ බලතල, සාමාජිකයන් පත් කිරීම, මුදල් පරිපාලනය සිදුවන ආකාරය කොමිෂන් සභාවේ අරමුණු මොනවාද විගණනයට ලක් කරන්නේ කෙසේද යන සෑම කරුණක්ම විස්තර කෙරෙයි.
* ආයෝජන කලාප ඇති කිරීම, ජාත්‍යන්තර වෙෙළඳාම සඳහා වන කාර්යාලය ඇති කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙෙළදාම පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ආදී සෑම ආයතනයකම සංයුතිය, අරමුණු සහ බලතල කුමනාකාරද, පත් කරන්නේ කෙසේද, ඉවත් කරන්නේ කෙසේද ඒ සඳහා මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙයි.