ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසයි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක දීය. බාහිර, වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂාවකින් පසුවන බව සඳහන් කර තිබෙන ඇය වැඩිදුරටත් පැවැසූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 දා රැස්වීමට නියමිත අතර එහිදී දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි අතර ජාත්‍යන්තර ණය දෙන නියෝජිතායතනය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ IMF IV වගන්තිය 2024 අවසන් කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මීළඟ පියවර බාහිර වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කිරීම සහ නිල ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වන අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝදුරට සම්පූර්ණ කර තිබේ. ඊට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද ඇය පවසයි.
මහින්ද අලුත්ගෙදර