කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්, නිවාස, වෙෙළඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන අතර කොලොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමටද අවශ්‍ය නීති ගෙන ඒමට නියමිතය.
මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේම්නාත් සී.දොළවත්ත යන අයද මේ සාකච්ඡාවන්ට සහභාගි වූහ.
එල්.පී සුරංග