Home » සියලු විෂය ධාරා ඩිජිටල්කරණයට

සියලු විෂය ධාරා ඩිජිටල්කරණයට

අධ්‍යාපන ඇමැති

by Mahesh Lakehouse
June 8, 2024 12:39 am 0 comment

ජූලි මස අවසන් වන විට පාසල් සියල්ල ඒකරාශී කර සියලු විෂය ධාරා තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

මේ වන විට ප්‍රමුඛ පාසල් 1,500ක් පමණ ජාලගත කිරීම ආරම්භ කර ඇති බවත් කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීම සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉකුත් පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division