මේක අපිත් එක්ක පවත්වපු සංවාදයක් නෙමෙයි. මේක ඒගොල්ලෝ දාගත්ත සංවාදයක්. අපි කිව්වේ මේ විවාදය ගැන සාකච්ඡා කරන්න නලින්දයි මායි හම්බ වෙන්න ඕන කියලා. ආර්ථික විවාදය ගැන කතා කරන්නෙත් නැතිව දින දෙකකින් එකක් ඒ අය තෝරගෙන 04 වෙනිදා මෙහෙම විවාදයක් තියෙනව කියලා බොරුවට ලියුමක් එවලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට කියලා අයි ටී එන් එක කතා කරගෙන. ඒ අය තනියම කතා කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිළුමිණට පැවසීය.
අපි කව්වේ දිනයක් දාගෙන ඒක කරන ආකාරය තියෙන තැන මොන චැනල්වලද පෙන්නන්නෙ කියලා කතා කරගන්න නලින්දයි මායි හම්බ වෙන්න ඕන කියලා. 06 වෙනිදා කියල දිනයක් තෝරගෙන අනික් විවාදය ගැන කතා කරන්නෙ නැතිව ප්‍රකාශයක් කරලා අයිටීඑන් එකට ඒගොල්ලො එනව කියලා ලියුමක් ගෙන්නගෙන. නමුත් අපි කිව්වේ විවාදය කරන ආකාරය ගැන පූර්ණ සාකච්ඡාවක් තියෙන්න ඕන කියලයි. අයිටීඑන් එක තෝරගත්ත හේතුව මොකක්ද? අපිට ඕනකම තිබුණේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් පාර්ශ්වකරුවෙක් විදියට තියාගෙන සියලුම චැනල්වලට ආරාධනා කරලා මධ්‍යස්ථ තැනක මේ විවාද දෙකම පවත්වන්න. අපි දැනුත් කියන්නේ ස්වාධීන පාර්ශ්වයකට මැදිහත් වෙලා දෙගොල්ලන්ටම ආරාධනා කරලා මේ විවාද දෙකම පවත්වන්න. එතකොට අපි එන්නම්.
රසික කොටුදුරගේ