Home » හෝමාගම ධර්ම රශ්මි පොසොන් කූඩු තරගයට ලක්ෂ 40ක මුදල් තෑගි

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කූඩු තරගයට ලක්ෂ 40ක මුදල් තෑගි

by Mahesh Lakehouse
June 8, 2024 12:35 am 0 comment

දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය කරමින් කිලෝමීටර් 13ක් පුරා පැතිරෙන ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය මෙවරත් ජූනි මස 21, 22, 23 සහ 24 දිනයන්හි පැවැත්වෙයි. මෙහිදී ලේක්හවුස් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන වැඩිහිටි සහ පාසල්-දහම් පාසල් සිසුන් සඳහා පහන් කූඩු තරගවල ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 40 ක මුදල් තෑගි පිරිනැමීමට විධි විධාන යොදා තිබේ.. හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙය සංවිධානය කරයි. ධර්ම රශ්මි පොසොන් කලාපයේ පැවැත්වෙන පහන් කූඩු තරගය සියලු දෙනාටම විවෘත වන අතර වැඩිහිටි, පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ලෙස අදියර දෙකකින් පැවැත්වෙයි. වැඩිහිටි ජයග්‍රාහකයන්ට ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රු. ලක්ෂ 10, රු. ලක්ෂ 5 සහ රු. ලක්ෂ 2 බැඟින් ද 4 සිට 14 ස්ථාන දක්වා සඳහා රු. 50,000 බැගින් හා 15 සිට 25 ස්ථාන දක්වා රු. 25,000 බැගින් මුදලින් ත්‍යාග හිමිවෙයි. ළමා ජයග්‍රාහකයන්ට ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රු. ලක්ෂ 5, රු. ලක්ෂ 2 සහ රු. ලක්ෂය බැගින් හිමිවන අතර 4 සිට 14 ස්ථාන සඳහා රු. 30,000 බැගින් සහ 15 සිට 25 ස්ථාන දක්වා රු. 20,000 බැගින් හිමිවෙයි. ඊට සමගාමීව පිටිපන දැනුම් කේන්ද්‍රීය නගරයේ දී පැවැත්වෙන ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වන පොසොන් මහා බත් දන්සල සහ සෑම දිනකම රාත්‍රී 7 සිට හරිත සරසවි භූමියේදී පැවැත්වෙන භක්ති ගීත ප්‍රසංගය ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ලේක්හවුස් ආයතනයෙනි. ලේක්හවුස් පුවත්පත්වල පළවන කූපනය පුරවා එවීමෙන් ධර්ම රශ්මි පොසොන් පහන් කූඩු තරගය සඳහා ඉදිරිපත් විය හැක. දර්ශ – 077 5448485/ ජයමහ – 0777 207371 යන දුරකතන අංකවලින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division