Home » පොසොන් පොහොයට අනුරපුරට විශේෂ බස් රථ සේවාවක්

පොසොන් පොහොයට අනුරපුරට විශේෂ බස් රථ සේවාවක්

ජාතික රූපවාහිනියේ පොසොන් වැඩසටහන අභයගිරියේ

by Mahesh Lakehouse
June 8, 2024 12:34 am 0 comment

අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා පැවැත්විණි. ඒ අනුව ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව පිළිබඳ කාලසටහන ලබන සතියේදී ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් පවත්වන පොහෝ දා වැඩසටහන 21 වැනිදා අනුරාධපුර අභයගිරිය මහාවිහාර පරිශ්‍රයේදී පැවැත්වෙන බව රූපවාහිනි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසීය.

රූපවාහිනි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසීය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන පැවසුවේ එම මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන පොහෝදින වැඩසටහන එදින දවස පුරා සිතුල්පව්ව රජමහා විහාරයේදී පැවැත්වෙන බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division