බදුල්ල ප්‍රදේශයේ නවතා තබා ඇති ත්‍රිරෝද රථ කාලයක් මුළුල්ලේ අතුරුදන් වීම පිළිබඳව දිගින් දිගටම පැමිණිලි පසුගිය දිනවලදී පොලිසියට ලැබෙන්නට විය. එලෙස ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් කොටස් ගලවා මස්කර හොර රහසේ විකිණීමේ ජාවාරමක නිරතව සිටි 26 හැවිරිදි අයකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසියේ නිලධාරින්ට හැකි විය.
මෙම සැකකරුවා එලෙස අල්ලා ගන්නා ලද්දේ බදුල්ල නගරයේදීය. අත්අඩංගුවට ගන්නා විටත් ඔහු රැඳී සිටි බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ වැඩපළක සහ බදුල්ල, රිදීපාන ගල්කන්ද ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ එන්ජින් ගලවා, චැසි අංක වෙනස්කර, වර්ණ වෙනස් කර, කොටස් ගලවා තිබූ ත්‍රිරෝද රථ හතරක් මෙන්ම වාහන අංක තහඩු 11ක් ද බදුල්ල පොලිසියේ නිලධාරින් විසින් සොයා ගන්නා ලදි.
පස්සර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයා බදුල්ල නගරයට පැමිණ කුලී නිෙවසක රැඳී සිටිමින් මෙම ත්‍රිරෝද රථ සොරකම් සිදුකර තිබුණේ කිසිවකුට හෝ හසු නොවන අයුරිනි. ඒ ඉතා සූක්ෂ්ම ලෙසය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන නිලධාරින්ගේ උපදෙස් මත බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල ඇතුළු නිලධාරීන් බදුල්ල ප්‍රදේශයේ ත්‍රිෙරා්ද රථ නැතිවීම සම්බන්ධයෙන් දිනෙන් දින ලැබෙන පැමිණිලි පිළිබඳව දැඩි විමසිල්ලෙන් අවධානයෙන් සිටිමින් නිරතුරුවම සිවිල් ඇඳුමින් සැරසී මෙම සොරකම් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරන්නේ මේ සොරකම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව හෝඩුවාවක් හෝ ලබා ගැනීම සඳහාය.
සිවිල් ඇඳුමින් සැරසී නගරයේ මහජනතාව සමඟ ගැවසෙමින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ට ත්‍රිරෝද රථ කීපයක් කොටස් සහ එන්ජින් ගලවා ඒවායේ චැසි අංක වෙනස් කර බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ වැඩපළක සඟවා තබා තිබෙන බවට තොරතුරක් ලැබෙන්නේ මේ අතරතුරේදීය.
එම හෝඩුවාව ඔස්සේ පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් අදාළ ස්ථානය වටලන ලදි.
ඒ වනවිටත් එන්ජින් ගලවා චැසි අංක වෙනස් කර තිබූ ත්‍රිරෝද රථ දෙකක් පොලිස් නිලධාරින් සොයා ගත් අතර, ඒ සමඟම සැකකාර තරුණයා ද අත්අඩංගුවට ගැනිණි. ඔහු රැඳී සිටි කුලී නිෙවස තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේදී රථවාහන අංක තහඩු 11ක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගැනිණි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී බදුල්ල, රිදීපාන, ගල්කන්ද ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ කොටස් ගලවා තිබූ ත්‍රිරෝද රථ දෙකක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබිණි.
පොලිස් නිලධරයෝ අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ. මෙම ත්‍රිරෝද රථ සොරකම් කළ ඒවා බවට සැකකරු සිදුකළ පාපෝච්චාරණයේදී තොරතුරු අනාවරණය විය.
ඒ අනුව මෙම ත්‍රීරෝද රථ හපුතලේ, ඔහිය, පස්සර මඩොල්සිම, වැල්ලවාය, වැලිමඩ, හග්ගල ප්‍රදේශවල පුද්ගලයන්ට අයත් බවට තොරතුරු හෙළි විය.
සැකකාර තරුණයා ළඟ තිබී අත්අඩංගුවට ගත් රථවාහන අංක තහඩු 11 සම්බන්ධයෙන් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට දැනුම් දී පොලිසිය ලබාගත් තොරතුරු අනුව එම රථවාහන අංක තහඩුවලින් 10ක්ම ත්‍රිරෝද රථවල අංක බවත්, අනෙක් අංකය වෑන් රථයක බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙම අංක තහඩු සඳහන් ත්‍රිරෝද රථ දහය සහ වෑන් රථය සැකකරු විසින් සොරාගෙන එහි කොටස් ගලවා එම වාහන හොර රහසේ විකුණුවේ ද යන්න සොයා බදුල්ල පොලිසියේ නිලධරයෝ පරීක්ෂණ කටයුතු පවත්වති.
සැකකාර තරුණයා මේ ත්‍රිරෝද රථ සොරකම් සිදුකරගෙන යෑම සඳහා තවත් අය හවුල් කරගත්තාද යන්න සොයා පොලිස් නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එම්. උපුල් චන්දන අබේසිංහ, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත බදුල්ල 1 පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල, උපපොලිස් පරීක්ෂකවරුන් වන කුමාරරත්න, ලලිත්, සැරයන් 53613 සුමනපාල, 17753 වසන්ත, 6742 ප්‍රභාකරන්, 77449 ගයාන්, 33778 ජයසිංහ යන නිලධරයෝ විමර්ශනවලට එක්වූහ.
සී. ගමගේ - සොරණාතොට සමූහ